පලාගිය රියැදුරුට ප්‍රීති සින්ටාගෙන් බැට
මේ වකවානුවේ දී එතරම් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට නොහැකි වූවත් ප්‍රීති සින්ටා පසුගිය දශකයේ ලොව පුරා රසික ආදරය හිමිකරගත් නිළියක්. කෙසේ වෙතත් පසුගිය දා ඇය පිළිබඳව නැවතත් මාධ්‍ය හරහා විශේෂ අවධානයක් යොමු වුනා. ඒ ගුවන් තොටුපළට යන අවස්ථාවේ දී, ඇය දුටු රිය අනතුරක් පිළිබඳව සිය ටුවිටර් වෙබ් අඩවියේ පළකළ සටහනත් නිසා ය.
ඇය සටහන් කර තිබුනේ ඇය චෙන්නායි බලා යාමට ගුවන් තොටුපළට යන අතරවාරයේ දී සුදු පැහැති ගිලන් රථයක් පාර හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙක් අනතුරට පත් කරමින් පළා ගිය බවයි. අනිත් පිරිස තුවාලකරුට උපකාර කරන අතරේ අනතුරට වගකිය යුතු ගිලන් රථය හඹා ගොස් රථයේ ලියාපදිංචි අංකය සටහන් කර ගැනීමට ඇය සමත් වී ඇත. ඉන් නොනැවතුනු ඇය මෙම අනතුරු පිළිබඳව අදාල පාර්ශව දැනුවත් කොට පොලිස් පැමිණිල්ලක් ද ගොනු කිරීමට තරම් කාරුණික වූවා ය.
සිදුවීම පිළිබඳව ඇය සටහන් කර සිටියේ මෙසේය.
This is the licence plate no. Of this Ambulance . MHO4-FP1634. Did all I could & reported it. Hope that man survives twitter.com/realpreityzint…
— Preity zinta (@realpreityzinta) April 21, 2013
On the way 2 the airport 2 take a flight to Punjab when I saw a man crossing the highway & a White Ambulance hit him & RUN. This is insane.
— Preity zinta (@realpreityzinta) April 21, 2013
කෙසේ වෙතත් ගිලන් රථ රියැදුරා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා නොවේ.
මේ අතර ඇය දේශපාලනයට සම්බන්ධ වීමට සූදනම් වන බව ද ඉන්දීම මාධ්‍ය වාර්තා කර සිටියා. ඒ පිළිබඳ වැඩි විස්තර මෙතැනින්
Written by Cinema.lk
