ප්‍රීතී සින්ටා දේශපාලන කරළියට

Avatar Cinema.lk | April 15, 2013 61 Views 0 Likes 0 Ratings

61 Views 0 Ratings Rate it

සුපිරි බොලිවුඞ් නිළි ප‍්‍රිටි සින්ටා පසුගියදා ඉන්දියාවේ පැවති උත්සවයකට සහභාගීවෙමින් කියා සිටියේ ඇය දේශපාලනයට එක්වීමට කැමැත්තෙන් පසුවන බවයි.
කෙසේ වෙතත් ප‍්‍රීටි දේශපාලනයට එන්නේ ළගකදී නොවන බවත් තවම 38 හැවිරිදි වියේ පසුවන ඇගේ ජීවිතයේ තවත් කාලයක් ගතවූ පසුව ඇය දේශපාලනයට එන බවත් පවසා තිබෙනවා.
තරුණ කාන්තාවන්ගේ විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමින් ප‍්‍රීටි කියා සිටියේ දැනට ඉන්දියාවේ දේශපාලනයෙන් රටට වැඩක් සිදුවන බව තමාට හැඟීයන්නේ නැති බවයි.
ඒ නිසා තමාගේ කීර්තිය අනාගතයේදී දේශපාලන ව්‍යාපාරයක් බවට පෙරළාගන්නට අදහස් කරන බවත් එය සිදු කරන්නේ බලය ලබාගැනීමේ පටු අරමුණකට නොව රටේ වෙනසක් ඇති කළ යුතුය යන අධිෂ්ඨානය නිසා බවද කියා සිටියා.

Share

61 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.