මනීෂාට දැන් සුවයි
වාණිජ සිනමාවේ මෙන්ම කලාත්මක සිනමා ධාරාව යන අංශයන් ද්විත්යෙන්ම ඇතමෙක් සාර්ථක වනවා නම් එසේ වන්නේ ඉතා කලාතුරකිනි.ඉන්දීය සිනමාව තුළ මෙසේ සාර්ථක වු රංගන ශිල්පිණියන් අතර මනීෂා කොයිරාලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. දැනට ජිවිතයේ 40 වෙනි කඩඉම පසුකර ඇති මේ රංගන ශිල්පිණිය තුළින් එදා දිල් සේ,බොම්බේ වැනි සිනමා සිතුවම් තුළින් අප දැක්ක ඇගේ සුන්දරත්වය තවමත් ඇය සතුව එලෙසම පැවතුණත් පසුගිය දිනවල ඇය රංගනයෙන් ඈත් වි සිටියේ හදිසියේ ඇති වු රෝගී තත්වයක් නිසාවෙනි.
ඇයට මෙසේ වැළඳී තිබුණේ පිළිකා රෝගයකි.මේ රෝගය නිසාවෙන් බෙහෙවින් ගිලන්ව සිටි ඇයට සාත්තු සප්පායම් කළේ ඇගේ සමීප මිතුරියක් හා පවුලේ සමීප ඥාතින් කිහිප දෙනෙකු පමණි.ඇය ප්‍රසිද්ධ වුන් වකවානුවේ බොලිවුඩයේ උන් තරු සියල්ලක්ම පාහේ ඇගේ මිතුරු මිතුරියන් වීමුත් ඇය අසරණව රෝගාතුරුව උන් කාලවකවානුවේ ඇය බැලීමට ඒ කිසිවෙකුවත් පැමිණ නැත.
නිව්යෝක් නුවර රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇයගේ රෝගී තත්ත්වය පසුගිය සතිය වන විට යථා තත්ත්වයට පත්වී ඇති බවටයි මේ වන විට බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරන්නේ.ඇයට වැලඳී තිබුණු රෝගී තත්ත්වය බොහෝ දුරට මර්දනය කරන්නට වෛද්‍යවරුන්ට හැකිවෙලා තියෙනවා.මේ තත්ත්වය උඩ ඇයට නැවතත් සාමාන්‍ය පරිදි තමන්ගේ දෛනික කටයුතු අපහසුවකින් තොරව කරගෙන යාමට හැකිව තිබෙනවා.දැන් මේ සුරූපී නිළියගේ බලාපොරොත්තුව නැවතත් බොලිවුඩ්පුරයට එක්වී සුපුරුදු රංගන කටයුතුවල යෙදීමයි. මේ බව කාටත් හෙළි වුණේ පසුගියදා ඇය තම ට්විටර් වෙබ් පිටුවෙහි සටහන් කළ වැකි කිහිපයකින්. ඒ සමඟම තමන්ගේ ඡායාරූපයක් ද එහි ඇතුළත් කර තිබුණා. ඒ ඡායාරූපය ගෙන තිබුණේ මනීෂා වෛද්‍ය ප්‍රතිකාර ලබා සුව වූ පසුවයි.
ළඟදීම මව් රටට පැමිණ කලින් යොදාගෙන තිබුණු චිත්‍රපට දර්ශන කීපයක රඟපාන්නට ඇය දැන් ඇඟිලි ගනිමින් සිටිනවා. මලයාලම් චිත්‍රපටයක් වූ මෙය අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය සිනමාකරුවකු වන රාජේන්ද්‍ර ලෙනින්. මනීෂාගේ කළමනාකරු සුබර්තා සෝෂ් මේ බව තහවුරු කළා. “ඇය මට දන්වා තියෙනවා, මේ ගැන කටයුතු සංවිධානය කරන්න ය කියලා. චිත්‍රපටවල රඟපාන්න දැන් මනීෂාට වෛද්‍යවරු අවසර දීලා තියෙනවා.” ඔහු මාධ්‍යවේදීන් කීප දෙනකුට ප්‍රකාශ කළා.
Written by Cinema.lk A


