බම්බලපිටියේදී යට ඇඳුම පිටින් දුවපු එක තමයි,ජීවිතේ මම කරපු විළිලැජ්ජ නැතිම වැඩේ – පුබුදු චතුරංග

Avatar Cinema.lk A | November 1, 2013 116 Views 0 Likes 0 Ratings

116 Views 0 Ratings Rate it

පුබුදු චතුරංග කියන්නේ වර්තමානයේ සිංහල සිනමාව සතුව පවතින වටිනා සම්පතක්.මේ වන විට චිත්‍රපට ගණනාවකින් තම දක්ෂතා විදහා දැක්වු මේ කඩවසම් තරුණයා මේ කාලයේ අති සාර්ථකව තිරගත වන සමනළ සංධ්වනි චිත්‍රපටයේ ද ඉතා විශිෂ්ට අයුරින් රංගනයේ යෙදේ.ජනප්‍රියත්වය හා දක්ෂතාවය යන කාරණා ද්විත්වයෙන්ම බුහුමන් ලබන පුබුදු කලාව ගැන දරන්නේ තරමක රැඩිකල් මතවාදයක්.සිනමාවට,වේදිකාවට අතීශය ඇල්මක් දක්වන ඔහු වර්තමානයේ පවතින ක්‍රමවේදයන් නිසාවෙන් කලාකරුවන්ට බොහෝ සෙයින් අසාධාරණයක් වී ඇති බවට තදින්ම විශ්වාස කරන්නෙක්.ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ තිබෙන අර්බුදකාරී තැන්,සිනමා නිර්මාණ පෙන්වීමේ දී මතුවන ගැටලු ගැන ඇතැම් මාධ්‍යය ඉදිරියේ ඔහු නොබියව කතා කරන්නේ සැබැවින්ම ඔහු තුළ වු කලාවට උපන් ඇල්ම නිසාවෙන්මයි.

මේ අයුරින් එක් පුවත්පත් මාධ්‍යයකට ලබා දුන් විස්තරයක් අතරතුරේ එම පුවත් පත මඟින් පුබුදුගෙන් මේ ආකාරයේ ප්‍රශ්නයක් අසා තිබුණා.

ඔය වගේ බොහොම විචාරශීලීව සහ Radical වෙනසක් ගැන කතා කරපු කලාකරුවෝ අද අවසානයේ නතර වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ. අදහසක් එහෙම තියෙනවද දේශපාලනයට එන්න?

ඒ ප්‍රශ්ණයට ඔහු පෙරළා උත්තර දුන්නේ මෙන්න මෙහෙමයි.

“ ජීවිතේ මම කරපු විළිලැජ්ජ නැති වැඩේ තමයි අර Film එකේ දර්ශනයකට Underwear එක පිටින් බම්බලපිටියේදී දුවපු එක. දේශපාලනයට එක්වෙනවා කියන්නේ මම බම්බලපිටියේ ඒ ඇඳුමත් ගලවලා දුවනවා වගේ වැඩක්. ඒ නිසා කවදාවත් එවැනි විළිලැජ්ජ නැති වැඩක් කරන්නේ නැහැ.“

1374086_10151738429164748_1370301377_n 401158_516165498420705_689685156_n 425351_10151654374677446_1050683022_n 946274_509119132458675_575193058_n 207682_466282343409021_2110293591_n 13819_464211113616144_212026808_n 254719_463769136993675_1670162547_n 575006_460531710650751_1193033703_n

 

Share

116 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.