යෂ්රාජ් හි ප්‍රධානියා සමඟ රාණි මුඛර්ජි හොර රහසේම විවාහ වේ.

Avatar Cinema.lk | April 22, 2014 153 Views 0 Likes 0 Ratings

153 Views 0 Ratings Rate it

ඊයේ රාත්‍රියේ ඉතාලියේදී බොලිවුඩ් සුපිරි නිළි රාණි මුකර්ජී හදිසියේ විවාහ වී තිබේ. 36 හැවිරිදි ඇය විවාහවූයේ, බොලිවුඩයේ චිත්‍රපට මහගෙදර වන Yash Raj Films ආයතනයේ වත්මන් ප්‍රධානී ආදිත්‍ය චොප්රා සමග ය. ඔහු මීට පෙර විවාහ වූ අයෙකු වන අතර මේ වන විට ඔහ එම විවාහයෙන් දික්කසාද වී ඇත.

42 හැවිරිදි වියේ පසුවන ආදිත්‍ය චොප්රා සහ රාණි මුකර්ජී අතර‍ 2008 වසරේ සිට ප්‍රේම සබඳතාවක් පැවති බව කවුරුත් දැන සිටි රහසකි.

බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ද වන ආදිත්‍ය චොප්රා, දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ, රබ්නේ බනාදී ජෝදී ඇතුළු ජනාදරයට පත් චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කර ඇති අතර ඩූම් චිත්‍රපට මාලාව, ජබ්තක් හේ ජාන් වැනි චිත්‍රපට විශාල සංඛ්‍යාවක් සඳහා නිෂ්පාදන දායකත්වය සපයා ඇත.

මෙම විවාහය පිළිබඳව යාෂ් රාජ් ෆිල්ම්ස් ආයතනය අද දින නිල වශයෙන් දැනුම් දී තිබේ.

Share

153 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.