Rizana: A Caged Bird – ලංකාවෙන් ජාත්‍යන්තරයට යන රිසානාගේ කතාව

Avatar Kavinu Weerakkody | August 14, 2025 41 Views 0 Likes 0 Ratings

41 Views 0 Ratings Rate it

හොලිවුඩ්, බොලිවුඩ් නලු නිලියන් රැසක් එකතු කරගෙන ලංකාවෙන් ජාත්‍යන්තරයට යන අලුත්ම ලාංකීය චිත්‍රපටය වන Rizana: A Caged Bird හි නිෂ්පාදන කටයුතු දැන් ඇරඹී තිබෙනවා.

විශේෂත්වය වන්නේ මේ සිනමාපටයේ ප්‍රධාන චරිත රඟපෑමට ලෝ පුරා සිටින ජනකාන්ත නලු නිලියන් රැසක් එකතු වීමයි. ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූ දැවැන්ත හොලිවුඩ් තරු මෙන්ම අසල්වැසි දකුනු ඉන්දියාවේ ප්‍රධාන පෙලේ රංගන ශිල්පීනුත් Rizana: A Caged Bird චිත්‍රපටයට එක්වී සිටිනවා.

Lolita – Kafka – Kingdom of Heaven වැනි සිනමාපටවලට රංගනයෙන් එක්වුනු, Batman V Superman – Justice League වැනි DC සිනමාපටවල ඇල්ෆ්‍රඩ්ගේ චරිතය රඟපෑ Jeremy Ironsගේ මුහුණ ඔබට හුරු පුරුදුද?

Reversal of Fortune සිනමාපටයේ ඉදිරිපත් කළ පෙරළිකාර රංගනය වෙනුවෙන් Academy සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම රංගනයට හිමි සම්මානයෙන් පවා ඔහු පිදුම් ලැබුවා.
ලෝක සිනමාවේ එවන් විශිෂ්ටයෙකු ලාංකීය චිත්‍රපටයක රංගනයෙන් එකතු වන්නේ මෑත ඉතිහාසයේ පළමු වතාවටයි. පැවසෙන අන්දමට මෙම චිත්‍රපටයේ ජෙරමි රඟපාන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුගේ චරිතයකුයි.

Rizana: A Caged Bird චිත්‍රපටයට පාදක වන්නේ මෙරටින් මැද පෙරදිග ගෘහ සේවයට ගිය රිසානා නෆීක් නැමැති මුස්ලිම් ජාතික තරුණියගේ සත්‍ය කතාවයි. එරටදී එල්ල වූ චෝදනාවකට වැරදිකරු වීම නිසා අඩු වයසින්ම ඇයට මරණ දඬුවම හිමි වූ අතර එම සත්‍ය කතාව අනුසාරයෙන් මේ සිනමාපටය නිර්මාණය වනවා.

ජනප්‍රිය දකුණු ඉන්දියානු සිනමා නිලියක වන වරලක්ෂ්මි සරත්කුමාර් මෙහි තවත් වැදගත් චරිතයකට එක් වෙද්දි රිසිනාගේ චරිතය නිරූපණය කිරීමට තෝරාගෙන තිබෙන්නේ විදුෂිකා රෙඩ්ඩි නැමැති නවක නිලියයි.

Rizana: A Caged Bird ඔබ වෙත ගෙන එන්නේ ලංකාවේ සිටින ප්‍රවීණ සිනමාකරුවෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා විසිනුයි.

මීට පෙර According to Matthew, A Comman Man, අලිමංකඩ වැනි චිත්‍රපට ලාංකීය සිනමාවට තිළිණ කළේ ඔහුයි. අධ්‍යක්ෂණයට අමතරව ලෝ ප්‍රසිද්ධ විදෙස් සිනමාපට රැසක කෙනෙකු ලෙසත් ඔහු සම්බන්ධ වී තිබෙනවා. Indiana Jones, Water, Indochine, Jism වැනි සිනමාපට ඒ නිර්මාණ අතුරින් කිහිපයක්.

මේ වනවිට ලංකාවේ දර්ශන තල කිහිපයකම රිසානා චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වනවා.

Share

41 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.