දින 24යි ලක්ෂ 722යි

Avatar Cinema.lk A | February 21, 2013 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම යනු ලාංකේය සිනමා වංශකතාවට එක් වු අග්‍රගණයේ සිනමා කාව්‍යයකි.මේ නිර්මාණයේ සාර්ථකත්වය කෙතරම් ද කියනවා නම් මේ කෘතිය මේ වන විට ආදායම් වාර්තා කිහිපයක්ම තබා ඇති බව ඊ. ඒ. පී. ෆිල්ම්ස් ආයතනය සදහන් කරනවා.

ඔවුන් පවසන අන්දමට මේ චිත්‍රපටය දින 24 ක් තුළ පමණක් ලබා ඇති සමස්ථ ආදායම ලක්ෂ 722ක්.එය චිත්‍රපටයක් තිරගත කොට කෙටි කාලයකදි ලබා ගත් වැඩිම ආදායමද වනවා.මීට ප්‍රථම ලාංකාවේ තිරගත වු සිනමා පටයක් එක් දිනයකදී උපයා ඇති වැඩිම ආදායම ලෙස සටහන් වන්නේ ලක්ෂ 56ක මුදලක්.මේ වන විට අති සාර්ථක අයුරින් තිරගත වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය දිනක් තුළ ලක්ෂ 62 ආදයමක් වාර්තා කරමින් මෙරට චිත්‍රපට ආදායම් වාර්තා අතර පෙරමුණේ පසුවනවා.

එමෙන්ම චිත්‍රපටයක් දිනක් තුළ නැරැඹූ වැඩිම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවකට හිමි වාර්තාව ද අලුත් කිරීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා. ඒ අනුව දිනකදී 44840 ක් ප්‍රේක්ෂකයන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නරඹා තිබෙනවා.

Share

59 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.