හැමෝටම නටන්න පුළුවන් Any Body Can Dance (ABCD)

Avatar Cinema.lk A | February 21, 2013 191 Views 0 Likes 0 Ratings

191 Views 0 Ratings Rate it

ඉන්දියානු සිනමාව තුළ නර්තනයට ලැබෙන්නේ ඉහළ පිලිගැනීමක්.බොලිවුඩ් සිනමාව තුළ රැදී සිටීමට සහ තම ස්ථාවරය රදවා ගැනීමට නළු නිළියන්ට රංගනයට අමතරව නර්තනයද ප්‍රගුණ කළ යුතු වන්නේ ඒ කරුණේ සත්‍යයක් ඇති නිසාවෙනි.මේ කරුණ නිසාවෙන් බොලිවුඩයෙන් බිහි වු සුපිරි තරු රැසක්ම දක්ෂ රංගන ශිල්පීන් මෙන්ම අති දක්ෂ නර්තත ශිල්පීන් ද වුවා.මේ ආකාරයෙන් ප්‍රසිද්ධ වු සුපිරු නළුවෙක් තමා ප්‍රභු දේවා කියන්නේ.ප්‍රභු දේවා සේම බොලිවුඩයේ විසිරිලා ඉන්න සුපිරු නර්තන තරු රැසක් යොදා ගනිමින් සුපිරි චිත්‍රපටයක් නිර්මාණය කරලා තිබෙනවා.මේ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ Any Body Can Dance (ABCD)ලෙසටයි. පෙබරවාරි 8 වැනිදා තිරගත වූ ‘එනි බොඩි කැන් ඩාන්ස්’ සිනමාපටය බොලිවුඩයට සුවිශේෂී වන්නේ එය එරට තිරගතවන පළමු ත්‍රිමාන සිනමා සිත්තම වු නිසයි.

මේ චිත්‍රපටයේ ප්‍රධාන තරු යුවළ වන්නේ ප්‍රභූ දේවා (විෂ්ණු සර්) සහ තවත් ජනප්‍රිය නර්තන ශිල්පියකු වූ ගනේෂ් ආචාර්යා (ගෝපි) ය.මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන රෙමෝ ඩි සූසා ද ඉන්දියාව තුළ ඉහළින් වැජඹෙන නර්තන තරුවක් වනවා.

බොඩිගාඩ්,සිංහම්,ඩබල් දමාල් වැනි සිනමා පටයන් වල නර්තන අධ්‍යක්ෂකවරයා වු ගනේෂ් ද ’ඩාන්ස් ඉන්ඩියා ඩාන්ස්’ නම් ජනප්‍රිය රියැලිටි වැඩසටහනේ පළමු පියවරේ ජයග්‍රාහකයා වු සල්මන් යූසුෆ් ඛාන් ද අමෙරිකානු නර්තන ශිල්පිනියක් වු ලොරේන් ගොට්ලීඛ් ද චිත්‍රපට දෙසීයකට වැඩි ගණනක ජනප්‍රිය නර්තන අධ්‍යක්ෂවරියක වු හැට හතර හැවිරිදි සරෝජ් ඛාන් ද සහ තවත් ඉන්දීය නර්තන තරු යුවලක් වන රෙමෝඩි සූසා සහ ධර්මේෂ් යෙලන්දේ ද සෙසු චරිතයන් නිරුපණය කරනවා.

නර්තන නිර්මාණ ශිල්පියකුට පැරැණි මිතුරන් පිරිසක් සිය නර්තන ආයතනයේදී මුණ ගැසි ඉන් පසු නර්තන කණ්ඩායමක් පිහිටුවා ගැනීමේ මේ කතා පුවත හාස්‍යයෙන්, ප්‍රේමයෙන් ප්‍රේක්ෂකයන් මුසපත් කරන්නකි.ඉන්දියානු රුපියල් කෝටි 12 ක් වැයකර නිපද වූ ඒබීසීඩී මේ වන විට වැය කළ මුදල මෙන් දෙගුණයකට වැඩි ආදායමක් ලබා අවසන්ය. මේ නිසාම අධ්‍යක්ෂවරයා දෙවැන්නක් පිළිබඳව ද සිහින දකිමින් සිටියි

anybody can dance movie anybody can dance movie

Share

191 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.