තිරිහන් වෙන්න මෙහෙමත් කරනවද?
ජෙනිෆර් ලෝපෙස්,ගායන ලෝකය තුළ මෙන්ම සිනමා ලෝකය තුළද තමන්ගේ ස්ථාවරය හොඳින් ගොඩනඟා ගත් සුරුපී තැනැත්තියක්.කලා ලෝකය තුළ මේ අයුරින් රැදී සිටින්නට ඇගේ දක්ෂතාවය ඇයට ඉවහල් වුවා සේම තවත් එක් කරුණක් නිසාවෙනුත් ඇගේ ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වුණා.ඒ ඇය සතුව ඇති රූපශ්‍රීයයි.
සිනමා නිර්මාණයක් හෝ වේවා,ඇය රැගු සංගීත වීඩියෝවක් හෝ වේවා මිනිසුන් වැල නොකැඩි බලන්න ආවේ ඇය සතු වු මන බඳිනා වු නාරි ලාලිත්‍යයන් නිසාවෙන් බව කොයි කවුරු වුවත් දන්නා කරුණක්.ඒත් දැන් ඇයට වයස අවුරුදු 43ක්.මේ හින්දා ඇය වෙනදාටත් වැඩියෙන් තමන්ගේ රූ සපුව රැක ගන්න උනන්දු වන පාටක් පේනවා.
පසුගියදා මේ සුපිරි ගායිකාව, නිළිය, සම රැලි වැටීම වළක්වන උපකරණයක් මිලදී ගත්තා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 25,000 ක්.තමන්ගේ දෛනික රූපලාවන්‍ය කටයුතු සිදුකර ගන්න රූපලාවන්‍යාගාරයකට ගොස් සිටින විට මේ උපකරණය ජෙනිෆර්ගේ නෙත ගැටි තිබෙනවා.එය දුටු විගසම ඉවක් බවක් නැතුව එය මිල දී ගන්නත් ඇය පෙලඹිලා තියෙනවා.
Written by Cinema.lk A







