Stray Dogs සිනමාපටය 17 වැනිදා කොළඹදී
කලාව සඳහා ක්‍රියාකාරී ලීගය (Active league for art) සංවිධාන කරන සිනමා සංවාද මණ්ඩපයක් කොළඹදී පැවැත්වෙයි. සිනමාවේ විවිධ ඉසවු පිළිබඳව වෙනස් ශානරයක අත්දැකීමක් ගෙන එන්නට උත්සාහ දරන කලාව සඳහා ක්‍රියාකාරී ලීගය මිට පෙර කිහිප වතාවක්ම මෙවන් වැඩසටහන් සංවිධානය කොට තිබිණ. මෙවර සිනමා සංවාදය සඳහා චීන චිත්‍රපටයක් තෝරා ගැනීමට ඔවුන් කටයුතු කොට ඇත. 2013 වර්ෂයේ නිර්මාණය වුනු Stray Dogs චිත්‍රපටය ප්‍රදර්ශන කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව සංවාදයට ආරාධිතයා ලෙස විමුක්ති ජයසුන්දර සහභාගී වීමට නියමිතය. පෙබරවාරි 17 වැනි සෙනසුරාදා සවස 3.00ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවනාගාරයේදී මෙම වැඩසටහන පැවැත්වෙයි.
2013 වර්ෂයේ නිෂ්පාදනය වුනු Stray Dogs චිත්‍රපටය Tsai Ming Liang විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කොට තිබේ. Lee Kang Sheng විසින් චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදී ඇත. විනාඩි 138ක ධාවන කාලයක් සහිත චිත්‍රපටය Mandarine භාෂාවෙන් නිර්මාණය වී තිබේ. සිනමාපටය නැරඹීමෙන් පසු පවත්වන සංවාදයට සම්බන්ධ වන ලෙස කලාව සඳහා ක්‍රියාකාරී ලීගය සිනමා ප්‍රේක්ෂකයින්ට ඇරියුම් කර සිටී.
Written by Nisanka Weheraduwa