Sunny Leone ආවොත් දිවිනහගන්නවා – බැංගලෝර් වැසියන් කියයි
ඉන්දීය නිළි SDunny Leon නව වසර උදාව සැමරීමේ උත්සවයට සහභාගී වීම වළක්වන්නැයි විරෝධතා හටගනියි. නව වසර උදාව සැමරීමේ උත්සවය සෑම වසරකම චාම් අයුරින් පැවැත්වෙන බවත් ඉතා විනීතව සාරියෙන් සරසි කාන්තාවන් ඊට සහභාගී වන බවත් විරෝධතා කරුවන් පවසා තිබෙනවා. නමුත් Sunny Leon වැනි නිළියක් ඊට සහභාගී වීම තමා තරයේ ප්‍රතික්ෂේප් කරන බවත් අගේ විකාරරූපි විලාසිතා මේ උත්සවයේ ගෞරවනීය බව නැති කරනු ඇති බවත් විරෝධතාකරුවන් පවසනවා. යම් හෙයකින් ඇය විනීත ඇඳුමකින් සරසි පැමිණුනත් ඇගේ නිල් චිත්‍රපට ඉතිහාසය නිසා ඇයව මේ උත්සවයට බාරගත නොහැකි බව ඔවුන් දැඩිව ප්‍රකාශ කොට තිබෙනවා. ඇගේ පින්තුර ගිනි තබමින් පෙළපාලි යමින් විරෝධතා කරුවෝ දැඩි කලහකාරී වාතාවරණයක් නිර්මාණය කොට තිබෙනවා. යම් හෙයකින් විරෝධතා නොතකා ඇය මේ උත්සවයට සහභාගී වුවහොත් තමන් දිවිනසා ගන්නා බවටත් ඔවුන් තර්ජනය කොට ඇති බව සඳහන්.
Written by Nisanka Weheraduwa