රාම් ලීලා පරදා “තණ්හා රතී රඟා“ මුල් තැනට

Avatar Cinema.lk A | May 2, 2014 71 Views 0 Likes 0 Ratings

71 Views 0 Ratings Rate it

නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුළුඳුල් සිනමා සිතුවම වන ‘තන්හා රතී රඟා’  දාදාසාහෙප් පාල්කේ චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය  දිනා ගත්තේ ය.ඉන්දියානු සිනමාවේ නිර්මාතෘ ලෙස සැලකෙන දාදාසාහෙප් පාල්කේ මහතාගේ ජන්ම දිනය සමරමින් පැවැත්වෙන මෙම සිනමා උළෙල වාර්ෂිකව පැවැත්වෙන්නක්.

මේ සම්මාන උළෙලට සහභාගී වු තණ්හා රතී රඟා සිනමාපටය මෙලෙස හොඳම සිනමාපටය වශයෙන් බුහුමන් ලද්දේ සංජේ ලීලා බන්සාලිගේ “රාම් ලීලා“ වැනි සිනමාපට හා උරෙනුර තරඟවදිමිනුයි.සම්මාන උළෙලේදී හොඳ ම අධ්‍යක්ෂ ලෙස රන්ජනා හි අධයක්ෂ ආනන්ද් එල් රායි, හොඳ ම සංගිත අධ්‍යක්ෂණය ලෙස රාම් ලිලා චිත්‍රපටය වෙනුවෙන් සංජය ලිලා බන්සාලි ද සම්මාන දිනා ගත්හ.

හොඳම අධ්‍යක්‍ෂ – ආනන්ද් එල්. රායි (ඉන්දියාව) චිත්‍රපටය රන්ජනා.

හොඳම අධ්‍යක්‍ෂ ජූරියේ විශේෂ සම්මාන – සිද්ධාර්ථ සිවා (මැලේසියාව) චිත්‍රපටය සහීර්.

හොඳම කැමරාකරණය – ඒ වසන්ත් (කාෆ්රෝ කීනමාස් ඉන්දියාව)

හොඳම සංස්කරණය – ඉන්නොමින් සැටාන් (ඉතාලි)

හොඳම තිර රචනය – සුභාෂ් කපූර් (ජොලි එල්. එල්.බී. ඉන්දියාව)

හොඳම දෘෂ්‍ය ප්‍රයෝග – රාජ්නිදි මෞරු ක්‍රිෂ්ණා(ගෝ ගෝවා ගෝල් – ඉන්දියාව)

හොඳම සංගීතය – සංජය ලීලාබන්සාලි (රාම්ලීලා, ඉන්දියාව)

හොඳම නළුවා – ආලෝක් චතුර්වෙදී (කාෆිරොන් කී නමාස්,ඉන්දියාව)

හොඳම නිළිය –බර්තා මදන් (සර්කාබ් , ඉන්දියාව)

හොඳම සහාය නළුවා – මොහාමිඩ් සිෂාන්(රාන්ජ්නා, ඉන්දියාව)

හොඳම සහාය නිළිය –සුප්‍රියා පතාකි (රාම්ලීලා, ඉන්දියාව)

උළෙලේ ඇගයීම් සම්මාන : ග්‍රේබියෙල් (පෝලන්තය) අධ්‍යක්ෂණය මිකොලාජ් හරිරව්ස්කිකියෝන්

ඔන් ස්ප්‍රිංග් (වියට්නාමය) අධ්‍යක්ෂණය, ලෝ මා ගෝ

Poster yellow (11X17) (1)

 

 

Share

71 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.