Union Leader ළඟදීම තිරගතවෙයි
විවිධ තේමාවන්ගෙන් යුතු විවිධ ශානරයන්හි සිනමාපට බොලිවුඩ් සිනමා ලෝකය තුළ නිරන්තරයෙන් නිෂ්පාදනය වනවා. ඒ බොහොමයක් චිත්‍රපට ලෝකය පුරා කතාබහට ලක්වන අන්දමේ නිර්මාණ වීමත් විශේෂත්වයක්. ජනවාරි 19 වැනිදා සිට නිකුත් වීමට නියමිත Union Leader චිත්‍රපටයත් එවැන්නක්. වඩා යහපත් හෙට දවසක් පවුල වෙනුවෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බිරිඳක් සහ පුතෙක් සමග සමාජමය සහ වෘත්තීය ගැටළු වෙනුවෙන් අරගල කරන සැමියෙක් සහ පියෙක් චිත්‍රපටයේදී ප්‍රේක්ෂකයාට හමුවෙනවා. ඒ සියල්ල හරහා සිනමා ප්‍රේක්ෂකයාට චින්තනමය සහ ආකල්පමය උත්තේජනයක් ලබාදෙන අයුරින් සිනමාපටය නිර්මාණය වී ඇති බව ඉන්දියාවේ පලවූ විචාර වලින් කියවෙනවා. චිත්‍රපටයේ සම තිරරචකයා සහ අධ්‍යක්ෂවරයා වන්නේ Sanjay Patel. John Winston Rainey තිර රචනය සඳහා දායකත්වය ලබාදී තිබෙනවා. විනාඩි 105ක ධාවන කාලයකින් යුතු සිනමාපටය සඳහා Rahul Bhat සහ Tillotama Shome රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ Jay සහ Geeta ලෙසින්. චිත්‍රපටය මේ වනවිට ජර්මනියේ Hof International Film Festival සහ ෆ්ලොරිඩාහි Fort Lauderdale International film Festival යන සිනමා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් සඳහන්.
Written by Nisanka Weheraduwa