පබාට වෙන් වෙන්න අවසර
කලා ලෝකයේ වෙන් වීම්,දික්කසාද වීම් සුලබ මාතෘකාවක් බවට පත් වෙලා.කොටින්ම කියනවනම් වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ,රංගන ශිල්පිණියන් සතුව පවතින රංගන කුසලතාවයට හැරුණු කොට දික්කසාද වීම දැන් අමතර සුදුසුකමක් වශයෙන් සැලකෙන අවස්ථා එමටයි.කලා ලෝකයේ දෙදෙනෙක් ගේ වෙන්වීමක් ගැන පුවතක් සදහන් කර එහි උණුසුම යාමට මත්තෙන් තවත් දෙදෙනෙක්ගේ වෙන් වීමක පුවතක් වාර්තා වෙන්නේ මා කලින් පැවසු දේ ප්‍රත්‍යක්ෂ කරමින්.
මේ ආකාරයේ අඹු -සැමි විරසකයන් නිසා වෙන් වු රංගන ශිල්පිණියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ.සැමියාගේ පහර දීමකට ලක් ව නිතීයේ පිහිට පැතු ඇය බලාපොරොත්තු වුයේද දික්කසාදයයි.නමුත් නීතියට අනුව නම් දික්කසාද වෙනවා කියන එක නම් එච්චර ලේසි පහසු කටයුත්තක් නෙවෙයි.ඒත් දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගනු ලැබු අධිකරණය උපේක්ෂාට දික්කසාදය ලබා දීමට තිරණය කර තිබෙනවා.මෙසේ නිතීයෙන් තම විවාහ කෙළවර ගත් උපේක්ෂා නැවතත් විවාහයක් ගැන සිතනවාදැයි යන්න දැන ගැන්මට ඇයට ආදරය කරන රසික රසිකාවියන් පුදුම උනන්දුවකින් පසුවනවා.ඒත් මේ හැම දේකටද පිළිතුරු උපේක්ෂාම සොයා ගන්න කම් අපි නිහඩව ඒ දෙස බලා ඉමු.
Written by Cinema.lk A








