පතිරාජයන් නැවතත් වැඩ බිමේ

Avatar Cinema.lk A | February 11, 2013 52 Views 0 Likes 0 Ratings

52 Views 0 Ratings Rate it

ලාංකේය සිනමාව තුළ සිටින පතාක යෝධයින් අතර ධර්මසේන පතිරාජයන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.මෙරට සිනමා ක්ෂේත්‍රයට ඉතා උසස් නිර්මාණයන් දායාද කළ පතිරාජයන් වසර විස්සක් පමණ වන තුරු කිසිදු සිනමා නිර්මාණයක් සඳහා තම දායකත්වය සැපයුවේ නෑ.නමුත් මේ දිගු නිහැඩියාවට සමු දී නැවතත් නවමු නිර්මාණයක් හරහා නැවතත් සිනමා ලෝකයට ප්‍රවිශ්ට වීමට පතිරාජයන් සුදානම් වනවා.

තවමත් නමක් තබා නැති මෙම සිනමා පටයේ රූගත කිරීම් මේ මස 12 වෙනිදා කළුතර ප්‍රදේශය අවටින් ආරම්භ කෙරෙනවා.මීට අමතරව නුවරඑළිය සහ ලෝකාන්තය අවට ද මෙහි රූ ගත කිරිම් කටයුතු යොදා ගෙන තිබෙනවා.මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගන දායකත්වය සපයන්නේ නීටා ප්‍රනාන්දු විසිනි.

ඩබ්ලිව්. ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, දයා තෙන්නකෝන්, විමල් කුමාර ද කොස්තා, විශ්වජිත් ගුණසේකර, රෙනී ද සිල්වා, තුසිත ලක්නාත් මෙහි සෙසු චරිත රංගනයේ යෙදෙති.

ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙයවයි. රංජිත් මතඟවීර අංග රචනයෙන් එක් වෙයි. එල්මෝ හැලිඩේගේ සංස්කරණයකි. ලාල් හවීන්ද්‍රනාත් කලා අධ්‍යක්ෂවරයාය. නදීක ගුරුගේ ස්වර රටා මවයි. එරික් ඉලෙයප්පෙරුමආරච්චිගේ තිර රචනයකි. සුගත් අමරජීව සහාය අධ්‍යක්ෂවරයාය.

Share

52 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.