විද්‍යා ප්‍රංශයේ ජූරීයට

Avatar Cinema.lk A | May 13, 2013 85 Views 0 Likes 0 Ratings

85 Views 0 Ratings Rate it

විද්‍යා බාලන් රෝයි කපුර්….මේ නම ටිකක් නුහුරු එකක් වුනාට මේ තමයි අපි කවුරුත් දන්න කියන විද්‍යා බාලන්ගේ අලුත් නම.විද්‍යාට මේ නම ලැබුණේ ඇගේ විවාහයෙන් පසුවයි.විද්‍යා කොලිවුඩයෙන්,බොලිවුඩයට පැමිණි සම්මත රටාවෙන් බැහැර වු චිත්‍රපට කිහිප පොලකම රඟපෑ අතිවිශිෂ්ට රංඟන ශිල්පිණියක්.ඩර්ටි පික්චර්,කහානි වැනි චිත්‍රපට හරහා බොලිවුඩයේ ජයකෙළි නැංවු ඇය මේ වන විට ජාත්‍යන්තරයේද ඇගයුමට පාත්‍ර වී තිබෙනවා.ඇය සතුවු අපුරු හැකියාවන් හා දක්ෂතාවයන් නිසා ඇයට ප්‍රමුඛ පෙලේ චිත්‍රපටි සම්මාන උළෙලක ජූරී සභිකයෙකු වශයෙන් කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබී තියෙනවා.මෙලෙස ඇය සහභාගී වන්නේ කාන්ස් සිනමා උළෙලේ ජූරි සභාවේ සාමාජිකාවක හැටියටයි.මේ වසරේ පැවැත්වීමට නියමිත කාන්ස් සිනමා උලෙළේදීයි ඇය ඒ කටයුත්තට සම්බන්ධ වෙන්නේ.

මෙවර කාන්ස් සිනමා උළෙලේ ජූරියේ මුල් පුටුව හිමි වී ඇත්තේ ප්‍රවීණ හොලිවුඩ් සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග්ටයි. මීට කලින් කාන්ස් සිනමා උලෙළේ ජූරි සභික ධුර දැරූ බොලිවුඩ් කලාකරුවන් වූයේ, චිත්‍රපට අධ්‍යක්ෂ ශේඛර් කපූර් සහ ශර්මිලා තාගෝර්.

මෙම සිනමා උළෙලේ චිත්‍රපට 19 ක විනිශ්චයන් පළ කිරීමට විද්‍යාට ඉඩ ලැබී තිබෙනවා. මේ චිත්‍රපට අතරට එක්වී තිබෙන, ‘ද ග්‍රේට් ගැට්ස්බි’ චිත්‍රපටයේ අමිතාබ් භච්චන් ද රඟපානවා. බොලිවුඩයේ තවත් ජනප්‍රිය නිළියක වන නන්දිතා දාස් ද මෙවර කාන්ස් උලෙළේ කෙටි චිත්‍රපට වෙනුවෙන් වූ ජූරියේ සාමාජිකාවක්.

Share

85 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.