අපි අනිවාර්යෙන්ම බඳිනවා

Avatar Cinema.lk A | May 10, 2013 73 Views 0 Likes 0 Ratings

73 Views 0 Ratings Rate it

ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ දී අපට හමුවන බෙලා සහ එඩ්වර්ඩ් පෙම්වතුන් යුවළ සැබැ ලෝකයේද සැබැවටම පෙම්වතුන් වෙනවා.බෙලාගේ චරිතයට පණ පොවන ක්‍රිස්ටීන් ස්ටුවර්ට් හා එඩ්වර්ඩ්ගේ චරිතයට පණ පොවන රොබට් පැටිසන් ගේ පෙම් හබය පටන් ගත්තේ මීට හුඟාක් කාලෙකට ඉස්සරයි.චිත්‍රපට වල වගේ සැබැ ලෝකයේ ආදරය එතරම් සුන්දර නෑ නේ.මේ පොදු ධර්මතාවය සුපිරි තරු වෙච්ච මේ දෙන්නටත් ඒ විදියට බලපෑවා.මොවුන් දෙදෙනාගේ ආදර ලෝකය පිටස්තර ලෝකයාට සුන්දර එකක් වුණත් ඒ ආදර කතාවත් සන්ඩු සරුවල් වලින් පිරිලා ඉතිරිලා ගියා.නිතර නිතර මේ දෙන්නා රණ්ඩු වෙන්න පටන් ගත්තා.මේ නිසාම ඔවුන්ට ආදරය කරන හුඟාක් දෙනෙක් කිව්වේ සාමාන්‍ය හොලිවුඩයේ තරු අතර ආදර කතා නිම වෙන විදියටම මේකත් වෙන්වීමකින් කෙළවර වෙයි කියලා.

කට කතා ඔය විදයට පැතිරිලා ගියත් ක්‍රිස්ටීන් නම් පසුගිය දා පැවති සංගීත සම්මාන උලෙළකදී වෙනස් දෙයක් පවසා සිටියා.ඇය තම හිතවත් පිරිස වටකර ගෙන පවසා සිටියේ ළඟදීම තමන් සහ රොබට් අතර පවතින සම්බන්ධකම තීරණාත්මක ඉසව්වකට යොමුවනු ඇති බවයි.ඇය වහෙන්ඔරෝ කිව්වේ “මම අනිවාර්යෙන්ම රොබට් බඳිනා බවයි“.එහිදී ඇය, තමන් පැලඳ සිටි ‘අතිවිශේෂ’ මුදුවක් ද පෙන්වා තිබෙනවා. ඇය පැවසුවේ ඒ මුදුව ලැබුණේ රොබට්ගෙන් උපන් දින තෑග්ගක් හැටියට බවයි.ක්‍රිස්ටීන් මොන කතන්දර කිව්වත් රොබට් නම් ඔවුන් දෙදෙනාගේ විවාහය පිළිබඳ කිසිදු අදහසක් මාධ්‍ය වෙත තවම ලබා දී නැහැ.

kristine kristine kristine kristine kristine kristine kristine kristine kristine kristine

Share

73 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.