විමුක්ති ජයසුන්දරගේ Spying Stars බූසාන් සිනමා උළෙලට තේරී පත් වෙයි!
විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ Spying Stars නවතම චිත්‍රපටය ලෝක ප්‍රසිද්ධ Busan International Film Festival හි තරඟකාරී අංශය සඳහා තේරීපත් වී තිබෙනවා.
යන්ත්‍ර මතින් තීරණය වන අනාගතවාදී ලෝකයක ජීවත්වන ආනන්දි නැමැති තරුණිය සිය පියාගේ අවසාන කැමැත්ත ඉටු කිරීමට යෑමේදී ඇයට මුහුණ දීමට සිදුවන සිද්ධි දාමයක් වටා Spying Stars චිත්‍රපටය දිවෙනවා. ආනන්දිට මුණ ගැසෙන මවක් සහ ඇගේ සංක්‍රාන්තික ලිංගික දියණිය සමඟ සිදුවන ගනුදෙනුව වටායි, මෙම චිත්‍රපටය ගෙතෙන්නේ…

ඉන්දිරා තිවාරි – සෞම්‍ය ලියනගේ – කෞශල්‍යා ප්‍රනාන්දු – සමනලී ෆොන්සේකා ඇතුලු නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.
සුළඟ එනු පිනිස, අහසින් වැටෙයි, සුළඟ ගිනි අරන් ඇතුලු සම්මානනීය චිත්‍රපට රැසක් විමුක්ති ජයසුන්දර විසින් මීට පෙර අධ්‍යක්ෂණය කළා.
2005 වසරේ කාන් සිනමා උළෙලේදී ‘සුළඟ එනු පිණිස’ වෙනුවෙන් ඔහු ජයග්‍රහණය කල Caméra d’Or සම්මානය, මෙරට සිනමාකරුවෙකු ජාත්‍යන්තරයේදී දිනාගත් ඉහලම සම්මානය ලෙසිනුත් හැඳින්වෙනවා.

Written by Kavinu Weerakkody
