Mo Film නිර්මාණවේදීන්ට චිත්‍රපට උළෙලක් කොළඹදී
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව සංවිධාන කරන ජංගම දුරකථන චිත්‍රපට උළෙලක් කොළඹදී පැවැත්වීමට නියමිතයි. සියළු කලාවන්හි උල්පත වූ ශ්‍රමයේ උරුමය සොයා පියනගන සෞන්දර්යාත්මක විකල්ප වේදිකාව යන තේමාව යටතේ මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙනවා. “දහදිය සිත්තම්” නමින් උළෙල නම්කිරීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.
ජංගම දුරකථන මගින් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපට (Mo Film) හයක් සිනමා උළෙලේ අවසන් තරගය සඳහා නිර්මාණ හයක් තෝරාගෙන තිබෙනවා.
01. Cookies – B.M.S.K.බණ්ඩාරනායක
02. Talking Legs – A.S. දිසානායක
03. Threw the Myth – D.W. සෙව්වන්දි
04. Lightest Line – A. නිරෝෂන්
05. Tomorrow is the Day – I.D.අමිල නිශාන්ත
06. පුංචි සමනලී – K.G.P.Ajantha Kumara
මෙම චිත්‍රපට හය අවසන් වටය සඳහා තෝරාගෙන ඇති බව සංවිධායකයින් නිවේදනය කරනවා. ඔක්තෝබර් මස 26 වනිදා පෙ.ව.11 සිට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (NADA) මෙම චිත්‍රපට තිරගත කිරීමේ අවස්තාව සහ තරගය පැවැත්වෙනවා.
Written by Nisanka Weheraduwa
