අමාරු කාලයක් තමයි, ඒත් පුළුවන් විදිහකට අනිකාවත් බලාගමු – යුරේනි

Avatar Nisanka Weheraduwa | May 26, 2021 267 Views 0 Likes 0 Ratings

267 Views 0 Ratings Rate it

කොරෝනා වසංගතයත් එක්ක මුළු රටම පසුබෑමකට ලක්වෙලා තියෙන මොහොතක්. ඒ වගේම නැති බැරි, ඇති හැකි මේ හැමෝම වගේ ගෙදරටම කොටුවෙලා විවිධ මට්ටමින් අපහසුතාවන් එක්ක ජීවත් වෙන කාලයක්. කලා ක්ෂේත්‍රය සලකා බැලුවොත් තත්වය තවත් දරුණුයි. චිත්‍රපට, නාට්‍ය, අලුට් නිර්මාණවල නිෂ්පාදන කටයුතු, රූගත කිරීම් මේ සියල්ල නැවතිලා. හැමෝම අපේක්ෂා භංගත්වයෙන් ඉන්න මොහොතක්. නමුත් මේ අමාරුම මොහොතේ අපි වඩාත් ශක්තිමත්ව වගේම සුබවාදීව සිතමින්, අනිකාට හැකි පමණින් උපකාර කරමින් ජීවත් විය යුතුමයි. ජනප්‍රිය රංගන ශිල්පිනි යුරේනි නොෂිකා මේ ගැන ඇගේ Facebook පිටුවේ හරි අපූරු සටහනක් තබා තිබුනා. මෙවැනි අවස්ථාවක තමන්ගේ රසිකයින් වෙනුවෙන් එවැන්නක් සටහන් කිරීම ගැන ඇයට ස්තූතිවන්ත වෙමින්ම ඒ සටහන අපි ඔබත් එක්ක බෙදාගන්න හිතුවා.

යුරේනි නොෂිකාගේ Facebook පිටුවෙන්….

හැමෝම ගෙවල්වලට වෙලා පරිස්සමෙන් ඇති කියලා විශ්වාස කරනවා. මම මේ සටහන ලියන මොහොතේත් කලුබොවිල රෝහලේ කොරෝනා ආසාදිතයකුගේ මරණයක් අහන්නට ලැබුනා.අපි හැමෝටම මේ වෙලාවේ අපේ හිතවතෙක්ගේ හෝ අපේ යාලුවෙක්ගේ එහෙම නැත්නම් නෑ කෙනෙක්ගේ කොරොනා ආසාදිතවීමක් එහෙම නැත්නම් මරණයක් අහන්න ලැබෙනවා ඇති . එක හිතට ලොකු දුකක්, කම්පනයක්. සමහර වෙලාවට මේ මොහොතේ ඔයා කොහේහරි ඉස්පිරිතාලයක රොහල් ඇදකට වෙලා ඉන්නවානම් ඔයාට ගොඩාක් දේවල් ජීවිතේ ගැන හිතෙනවා ඇති. එ හිතට එන හැගීම මෙහෙමයි කියල මම කියන්න යන්නේ නැහැ . නමුත් එ හැම සිතුවිල්ලක්ම ගිනි ගොඩක් , වේදනාවක් කියල මම දන්නවා. අපි හැමෝම මේ ලෝකෙට ඇවිල්ල තියෙන්නේ ජීවිතය ජීවත් කරවන ගොඩාක් බලාපොරොත්තු එක්ක. මෙහෙම ගෙදරකට හිරවෙලා හෝ කදවුරක හෝ රෝහල් ඇදක නිකරුණේ වැතිරීලා ඉන්න වෙයි කියලා ඔබ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. සමහර වෙලාවට අපිට ජීවිතය කියන මැරතන් එක දුවන කොට අපි ගැන හිතන්න ,අපි ගැන හිතන අය ගැන හිතන්න කාලයක් නැතුව යනවා. අපි අපේ ආත්මාර්ථකාමී ජීවිතත් එක්ක ජීවත්වෙනවා. මට හිතෙන්නේ එහෙම සීමාව ඉක්මවා යනකොට මේ විශ්වයෙන් අපිව බලෙන් එක් තැන් කරනවා මේ ගෙවපු ජීවිතය ගැන හිතන්න, ගෙවන්න ඉන්න ජීවිතය ගැන හිතන්න අපි කරපු කියපු දේවල් මෙනෙහි කරන්න.කොහොම වුනත් අපිට මේ යන විදිහට අනාගතය කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ..හැබැයි එක දෙයක් අපි හැමෝටම කොහේ හිටියත් කරන්න පුලුවන් . එ තමයි මේ මොහොත තුල ජීවත්වීම..මේ මොහොතේ තමන්ට පුලුවන් උපරිමය තමන් කරන්න .මේ මොහොතේ තව කෙනෙක්ට පිහිටවෙන්න පුලුවන් නම් එය කරන්න. මේ මොහොත තුල තව කෙනෙක්ට බලාපොරොත්තුවක් වෙන්න පුලුවන්නම් එක කරන්න.ඔබ නිරෝධායනය කදවුරක නම් මේ මොහොතේ ඔබේ වටේ ඉන්න කට්ටියව මනසින් ශක්තිමත් කරන්න.ඔබ රෝහල් ඇදක නම් මේ මොහොතේ ඉන්න ඔයාගේ ඇස් අත් පය කකුල්වලට , ජිවිතයේ ලැබිච්ච ආශිර්වාද වලට , සුන්දර මතකයන්වලට ස්තුතිවන්ත වෙන්න. කිසිම විදිහකින් නැති දේවල් ගැන හිතලා , වෙනස් කරන්න බැරි දේවල් ගැන හිතලා ගෙවන මේ මොහොත නාස්ති කරන්න එපා. මේ ගෙවන මොහොත තරම් කිසිම දෙයක් වටින්නේ නැහැ . එක නිසා අපි හැමෝම මනස මේ මොහොත තුල ජීවත්වෙන්න හදාගමු.
අපි ජාතියක් විදිහට උත්සාහවන්ත, එකිනෙකාට පිහිට වන ශක්තිමත් ජාතියක් . අවුරුදු 30ක් යුද්ධයක් එක්ක කොයිවෙලේ බෝම්බයක් පිපිරෙයිද කියන අන්ත අන්ධකාර යුගයක ජීවත්වෙච්ච ජාතියක් . එක නිසා අපිට පුලුවන් මේ වසංගත කාලයටත් මුහුන දෙන්න.අපි එකතුවෙලා රටේ නීති ක්රියාත්මක කරන්න උපරිම උත්සාහය දෙමු. තාරතිරම් බලන්නේ නැතුව අපේ අසල්වාසීන්ට , දන්න නොදන්න හැම කෙනෙක්ටම උපරිමය පිහිටවෙමු. තියෙන දේවල් පුලුවන් විදිහට බෙදාහදාගමු -බෙහෙත් වෙන්න පුලුවන් කෑම වෙන්න පුලුවන්
ඉදිරි සති දෙක ඉතාමත් තීරණත්මකයි. කලබල වෙලා බය වුනොත් රෝගය නරක අතට හැරෙන එක විතරයි වෙන්නේ . හැම තිස්සෙම හිත සතුටු වෙන සුභ දේවල් විතරක් අහන්න බලන්න. මේ මොහොත තුල උපරිම විදිහට ජීවත්වෙන්න. නරකක් හිතන්නම එපා.
හිතට ධෛර්යය ගන්න . අපේ මනසට කල නොහැක්කක් නැත. අපි අපිව විශ්වාස කරමු👊🏽 අපි මේ උවදුරෙන් ගොඩ එනවා. එක සහතිකයි . එතකන් ඉවසීමෙන් පරිස්සමෙන් ගෙවල්වලට වෙලාම ඉන්න. සෞඛ්ය නීති රීති එ විදිහටම පිළිපදින්න. සමස්ත කලාකරුවන් වෙනුවෙන් මේ රටේ සෞඛ්ය සේවයේ නියුතු සියලු දෙනාටම ඔබගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතිව කරන සේවයට හිස නමා අචාර කරනවා 🙏🏽
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ මොහොතේ හැම කෙනෙක් දිහාම සානුකම්පිතව බලන්න.එකිනෙකාව ධෛර්යමත් කරන්න. පිහිට වෙන්න. ශ්රි ලාංකික පුරවැසියෙක් විදිහට ඔබේ සමාජ කාර්යභාරය උපරිමය ඉටු කරන්න . මේ මොහොත තුල ජීවත්වෙන්න 🙏🏽
මම,
යුරේනි නොශිකා 💕

Comment
Share
Share

267 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.