අයිස් ක්‍රීම් පූර්ව ප්‍රචාරක පටය එළි දක්වයි

Avatar Kavinu Weerakkody | January 28, 2025 66 Views 0 Likes 0 Ratings

66 Views 0 Ratings Rate it

හේමාල් රණසිංහ ප්‍රධාන චරිත රඟන අයිස් ක්‍රීම් (Ice Cream) චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය සහ ගීත එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුනා.

මීට බොහෝ කාලකට පෙර තිරගත වීමට නියමිතව තිබුනත්, විවිධ හේතු නිසා මේ චිත්‍රපටය තිරගත වීමට කල් ගත වුනා.
නමුත් ඒ සියලු බාධක අවසන් කරමින්, ඉතාම නුදුරේදීම දිවයින පුරා සිනමා හල්වල අයිස් ක්‍රීම් සිනමාපටය තිරගත කිරීමට දැන් සූදානමින් සිටිනවා.

හේමාල් රණසිංහ සමඟින් මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ රොශාන් රණවන, අයිශාරා අතුකෝරළ සමඟින්බිමල් ජයකොඩි යි. කලකට පෙර අප අතරින් සමුගත්, ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න ශූරීන් ද අයිස් ක්‍රීම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට එක්වනවා.

ඊට අමතරව වීණා ජයකොඩි, රුක්මල් නිරෝෂ්, දමිතා අබේරත්න, ඩී බී ගංගොඩතැන්න, මධුෂාන් නානායක්කාර, චමිලා පීරීස්, සරත් කොතලාවල වැනි ජනප්‍රිය නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.

අයිස් ක්‍රීම් අධ්‍යක්ෂණය ප්‍රදීප් ධර්මදාස විසිනි. චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ ජනප්‍රිය නලු කළණ ගුණසේකරයි. කසුන් කල්හාර විසින් චිත්‍රපටය සංගීතවත් කළා.

අයිස් ක්‍රීම් චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීමේ උත්සවයට සම්බන්ධ වූ ජනප්‍රිය නලු නිලියන් – කලා ශිලපීන් – සිනමාකරුවන් රැසකගේ ඡායාරූප පහතින් >>>>>>>

Share

66 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.