චීනයේ සිනමාහල් යළිත් වසාදැමෙයි.

Avatar Nisanka Weheraduwa | March 31, 2020 130 Views 0 Likes 0 Ratings

130 Views 0 Ratings Rate it

COVID-19 හෙවත් කොරෝනා වෛරසය දෙවැනි වරටත් චීනය තුළ ව්‍යාප්ත වෙතියි යන සැකය මත එරට සිනමාහල් යළි වසා දැමීමට තීරණය කොට තිබෙනවා. චීනයේ චිත්‍රපට කාර්යාංශය මගින් සියලුම සිනමාහල් වසා දැමීමට පසුගියදා මෙලෙස නියෝග කළා. නමුත් එම නියෝගය පැනවීම සඳහා ඔවුන් නිශ්චිත හේතුවක් දක්වා තිබුනේ නැහැ. කෙසේ නමුත් දෙවැනි වරටත් කොරෝනා වෛරසය චීනය තුළ හිස ඔසවාවියයි සැකය මත මෙවැනි තීරණ ගන්නා බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුනා.

එරට පසුගිය දින 14 ඇතුළත සිනමාහල් 600ක් පමණ යළි විවෘත කෙරුණ බව සඳහන් වනවා. කෙසේ නමුත් එලෙස විවෘත කළ සිනමාහල් වෙතද සාමාන්‍ය පරිදි ජන සහභාගිත්වයක් නොපැවතියත් යම් මට්ටමක ප්‍රේක්ෂකයින්ගේ පැමිණීමක් සිදුවූ බවත් පැවසෙනවා. සිනමාහල් නැවත විවෘත කිරීමෙන් පසු යළි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීම පිණිස Harry Porter I, Wolf Totem, Dog’s purpose  වැනි අතිශය ජනප්‍රිය වුන චිත්‍රපට මාලාවක් නැවත පෙන්වීමටත් චිත්‍රපට කාර්යාංශය සැළසුම් කොට තිබුනා. නමුත් කොරෝනා පිලිබඳ යළිත් චීනය තුළ අවදානමක් මතුවන බවට ඇතිවූ සැකය හේතුවෙන් මේ සියල්ල නැවතූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share

130 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.