තෙමසක් පුරා GLUUOO.COM සබඳතාව නොමිලේ අත්විඳින්න
ඔබ ලොව කොතන සිටියත් ලංකාවේ දේශීය නිර්මාණ ඔබවෙත සමීප කරන ජාත්‍යන්තර තත්වයේ දේශීය ඩිජිටල් සන්නාමය gluuoo.com දේශීය සිනමාවේ සයිබර් අවකාශය cinema.lk සමග එක්ව අලුත්ම තරගයක් අද පටන් ආරම්භ කෙරෙනවා. ඔබ ලොව කොතැනක සිටියත්, ඔබට කැමති ඔබ වඩා ප්‍රියකරන දේශීය චිත්‍රපට රූපවාහිනී වැඩසටහන්, ආදිය නැරඹීමට අවස්ථාව සලසන gluuoo.com, වෙබ් අඩවියේ මාස තුනක් පුරාවට සම්බන්ධතාව නොමිලේ ලබාගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ ඔබ සතියේ ජයග්‍රාහකයා වුවහොත් පමණයි.
සෑම සතියකම සිකුරාදා දිනයේ සතියේ ප්‍රශ්නාවලිය cinema.lk වෙබ් අඩවියේ පල කෙරෙනවා. එම ප්‍රශ්න සඳහා පිළිතුරු අදාළ Facebook පිටුවේ Comment එකක් ලෙස යොමු කිරීමට ඔබට හැකියි. ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා දිනයේදී සතියේ ජයග්‍රාහකයින් තෝරා ගැනෙනවා.
මේ සතියේ ජයග්‍රාහකයකු වීමට ඔබට අවශ්‍ය නම් ඔබ පිළිතුරු ලබාදිය යුතු ප්‍රශ්න මෙසේයි.
01. ආචාර්ය ධර්මසේන පතිරාජයන් නිර්මාණය කළ පළමු චිත්‍රපටය කුමක්ද..?
02. කිනිහිරියා මල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ කවුද..? ඒ කිනම් වර්ෂයකද..?
03. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් “සංදේශය” නිර්මාණය කලේ කවර වර්ෂයකද?
ඉහත සඳහන් පහසු ප්‍රශ්න තුනට පිළිතුරු Facebook comment එකක් වශයෙන් අපේ cinema.lk හෝ gluuoo.com Facebook පිටුව වෙත යොමු කරන්න. තෝරාගන්නා ජයග්‍රාහකයින් වෙත මාස තුනක් පුරා gluuoo.com සම්බන්ධතාවය හිමිවනු ඇති.
Written by Nisanka Weheraduwa