නාට්ටාමි ආමි – දෙරණ Lux සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | October 6, 2024 73 Views 0 Likes 0 Ratings

73 Views 0 Ratings Rate it

ලාංකීය සිනමාව තුළ ඒ තරම් කතාබහට ලක්නොවන සමාජ ස්ථරයක් වන නාට්ටාමිවරුන් සහ ඔවුන්ගේ සමාජයේ අනන්‍යතා පිළිබඳව කතාබහ කළ “නාට්ටාමි ආමි” සිනමාපටය ද මෙවර Derana Lux Film Awards අවසන් නිර්දේශ නාම අතරට පැමිණ තිබෙනවා.

“නාට්ටාමි ආමි” (Nattamy Army) සිනමාපටයට පාදක වන්නේ ඈත ගමකින් කොළඹට පලා එන සදෙව් නැමැති යොවුන් තරුණයාගේ කතාවයි.
අසල තිබෙන කළුගල් වැඩපළක රැකියාව කරමින් සිය දරුවාව රැකබලා ගන්නා සදෙව්ගේ මවට එක්තරා දිනයකදී සිදුවන්නට ගිය අකටයුත්තකින් ඇයව බේරා ගැනීමට සදෙව් මැදිහත් වන අතර එහිදී ඔහු අතින් නොදැනුවත්වම සිදුවන අපරාධයෙන් බිය වන සදෙව් කොළඹට පලා එනවා.

එලෙස කොළඹ කොටුවට පලා එන සදෙව්ට, සිරිල් නැමැති නාට්ටාමිවරයෙක් මුණ ගැසෙන අතර ඔහු ඒ නාට්ටාමි පවුල සමඟින් ජීවත් වන්නට පටන් ගන්නවා. “නාට්ටාමි ආමි” (Nattamy Army) සිනමාපටය තුළ දිවෙන්නේ එතැන් සිට ඔවුන්ට කොළඹදී මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම් මාලාවයි.

අමිත්ත වීරසිංහ – ජයනි සේනානායක – කුමුදු නිශාන්ත – සනත් විමලසිරි – මිහිර සිරිතිලක – වජිර කොඩිතුවක්කු – ලක්ශාන් වත්තුහේවා – නවීන් ප්‍රමෝද් – රංග ජයකොඩි – ගුණදාස පතිරණගේ – මාරියම් විජයරත්න – පුලින ගුණතිලක වැනි නලු නිළියන් ගණනාවක්ම නාට්ටාමි ආමි චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙනවා‍‍.

මෙහි අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ දේවින්ද කෝන්ගහගේ විසිනි. මෙය ඔහුගේ තුන්වන සිනමාපටයයි. 2021 වසරේදී ඔහුගේ පළමු චිත්‍රපටය වන “භවතරණ” සිනමා ශාලාවලට නිකුත් වුනු අතර ඉන්පසුව “ගිරිවැසිපුර” නමින් තවත් චිත්‍රපටයක් ඔහු නිර්මාණය කළා.

අධ්‍යක්ෂණයට අමතරව සංකල්පය, තිර රචනය, නිෂ්පාදන සැලසුම්කරණය, කැමරා අධ්‍යක්ෂණය සහ ගීත රචනය සිදු කර තිබෙන්නේ ද දේවින්ද කෝන්ගහගේ විසිනි‍. චිත්‍රපටයේ කැමරාකරණය හසුරුවන්නේ පසිඳු කෞෂල්‍යයි. ගාමිණී පතිරණගේ මෙහි විධායක නිෂ්පාදකවරයායි.

රන්දික විජේමාන්න සංස්කරණයෙන් සහ සෂින් ගිම්හාන් පෙරේරා ශබ්ද පරිපාලනයෙන් නාට්ටාමි ආමි චිත්‍රපටය සමඟින් එක්ව තිබෙනවා. මෙහි සංගීත නිර්මාණකරණය බිබිලදෙණියේ මහානාම හිමිගෙනි. කලා අධ්‍යක්ෂකවරයා රොශාන් පෙරේරායි. දේවිකා කුමාරි, සඳුනි ජයපද්ම සහ ගනේන්ද්‍රි කෝන්ගහගේ මෙහි සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා.
ලෙස්ලි වීරසිංහ ඇඳුම් නිර්මාණකරණයෙන් සහ නාරද තොටගමුව වේෂ නිරූපණයෙන් එක්ව තිබෙනවා.
නාට්ටාමි ආමි නිෂ්පාදනය සිදු කර තිබෙන්නේ ගාමිණී පතිරණ විසිනි.

නාට්ටාමි ආමි චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

73 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.