බයිස්කෝප් කතා: ආත්මා (1994)

Avatar Kavinu Weerakkody | January 28, 2022 718 Views 0 Likes 0 Ratings

718 Views 0 Ratings Rate it

පැරණි සිංහල චිත්‍රපට සහ ලාංකීය සිනමාව පිළිබඳව රසවත් කතාබහ සිදු කරන ජයන්ත ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය මෙවර වෙන් වෙන්නේ ආත්මා චිත්‍රපටය වෙනුවෙනුයි.

තිරගත කළ දිනය – 1994.09.16
825වන චිත්‍රපටය
අධ්‍යක්ෂණය – සෝමපාල ලීලානන්ද
නිෂ්පාදනය – සරත් දසනායක
ප්‍රධාන රංගනය – සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රවීන්ද්‍ර රණ්දෙනිය

මිහිදුම් සිහින චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමා රසිකයින් අතරට පැමිණි සරත් දසනායක නිෂ්පාදනය කළ ඊළඟ සිනමා නිර්මාණය වූයේ ආත්මා යි.
මෙය ආත්ම දෙකක ප්‍රේම කතාවක් මුල් කරගනිමින් ගොඩ නැඟුණු අපූරු සිනමාපටයක්…

ආත්මා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ සෝමපාල ලීලානන්ද වූවත් මෙය පළමුවෙන්ම අධ්‍යක්ෂණය කරන්නට තීරණය කර තිබෙන්නේ ද චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ සරත් දසනායක විසින්මයි. නමුත් ආත්මා හි පළමු දර්ශනය පමණක් රූපගත කළ ඔහු, ඉන්පසුව ඉතිරි දර්ශන සහ සම්පූර්ණ චිත්‍රපටයම අධ්‍යක්ෂණය කරන්නට තමන්ගේ මිත්‍රයෙකු වූ සෝමපාල ලීලානන්දට පරවා තිබේ.
ඔහුට ආත්මා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ එලෙසයි.

මෙවර ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය වෙන්වන්නේ සෝමපාල ලීලානන්ද විසින් ආත්මා අධ්‍යක්ෂණය කරන අතරතුර වූ රසබර සිදුවීම් කිහිපයක් ඇසුරෙනි. විශේෂත්වය වෙන්නේ ආත්මා සිනමාපටය තුළ දැකගන්නට ලැබෙන දර්ශන තල සියල්ලක්ම පාහේ ඊට පෙර වෙනත් කිසිදු චිත්‍රපටයක් සඳහා භාවිතා නොකළ ප්‍රදේශ වීමයි.

සනත් ගුණතිලක සහ සබීතා පෙරේරා විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මේ ප්‍රේමාන්විත චිත්‍රපටයට රවීන්ද්‍ර රණ්දෙනිය, මර්වින් ජයතුංග, බන්දු සමරසිංහ, විමල් කුමාර ද කොස්තා, දෙනවක හාමිනේ, විල්සන් ගුණරත්න, රෝයි ද සිල්වා, සනෝජා බිබිලේ, සමන්ති ලැනරෝල්, සරත් ද සිල්වා වැනි එකල ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් බොහෝමයක් සම්බන්ධ වී තිබෙනවා.
අධ්‍යක්ෂණයට අමතරව කතාව සහ දෙබස් රචනා කර තිබෙන්නේ ද සෝමපාල ලීලානන්ද විසිනි. නිෂ්පාදක සරත් දසනායක විසින් චිත්‍රපට සංගීතයද නිර්මාණය කර තිබෙනවා.
ආත්මා සංස්කරණය බර්නාඩ් රෙජිනෝල්ඩ් විසිනි.
මිල්ටන් මල්ලවාරච්චි, ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල වැනි ගායක ගායිකාවන් ගණනාවකගේ ගීතවලින් ආත්මා චිත්‍රපටය සංගීතවත් වී තිබෙනවා.

චිත්‍රපටයට සම්බන්ධ වූ නලු නිළියන් සහ කාර්මික ශිල්පීන් පිරිස පහතින් දක්වා තිබෙනවා.

Movie Name – Athma AKA ආත්මා
Film Director – Somapala Leelananda
Producer – Sarath Dassanayake

Camera – Premasiri Hettiarachchi
Release Date – 1994/09/16
Ast Director – Lionel Silva , Tissa Weerawardena
Music Director- Sarath Dassanayake
Makeup – Rohan Mudannayake
Editing – Bernard Rejinold
Sound Controller – George Manatunga
Production Coordinator – Kumaradasa Jayasinghe
Studio – Hong Kong union Lab
Dialogue – Somapala Leelananda
Story – Somapala Leelananda
Song – Gresham Ananda , Latha Walpole , Milton Mallawarachchi, Chandrika Siriwardena , Ashoka Peiris , Karunaratne Jayasinghe, Mervin Perera

Artists
———
Sanath Gunatilaka , Sabeetha Perera , Ravindra Randeniya , Mervin Jayatunga , Bandu Samarasinghe , Wimal Kumar de Kosta , Denawaka Hamine , Vilson Karunaratne

Share

718 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.