“බයිස්කෝප්” බලන්න – Movie Tickets දිනාගන්න

Avatar Nisanka Weheraduwa | October 15, 2019 116 Views 0 Likes 0 Ratings

116 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකීය සිනමාවට ටෙලිවිෂනයෙන් උරදුන් කීර්තිමත් සන්නාමය “දෙරණ බයිස්කෝප්”, සිනමාලෝලීන් වෙනුවෙන් අලුත්ම වැඩක් ආරම්භ කරනවා. චිත්‍රපට නරඹන්න කැමති ඔබට නොමිලේ චිත්‍රපටයක් නරඹන්න අවස්ථාව සලසන මේ විශේෂාංගය ඔක්තෝබර් 20 වැනි ඉරිදා සිට ආරම්භ වනවා. බයිස්කෝප් වැඩසටහනේදී ඔබෙන් අහන සරළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම පමණයි ඔබ කළ යුත්තේ.

සෑම ඉරිදාවකම දහවල් 12ට TV දෙරණින් ඔබවෙත ගෙනෙන “බයිස්කෝප්” වැඩසටහනේදී අහන ප්‍රශ්නය ඒ මොහොතේම cinema lk ෆේස්බුක් පිටුවේ පළකෙරෙනවා. ඔබ කළ යුත්තේ නිවැරදි පිළිතුර, ඒ ප්‍රශ්නය සහිත Facebook post  එකට comment එකක් ලෙසින් ලබාදීම පමණයි. ඉක්මනින්ම ඔබේ පිළිතුර ලබා දෙන්නත් සැළකිලිමත් වන්න.

දහවල් 12.30ට පෙර ලබාදෙන පිළිතුරු අතුරින් නිවැරදි පිළිතුරු ලබාදෙන ජයග්‍රාහකයින් දෙදෙනෙකුට කොළඹ සිටි සෙන්ටර්හි ඇති ස්කෝප් සිනමාශාලාවේදී කැමති චිත්‍රපටයක් නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර හිමි වනවා. මේ අවස්තාව උදාකරගන්න, සෑම ඉරිදා දිනකම දහවල් 12.00ට දෙරණ බයිස්කෝප් නරඹන්න. ඒ වගේම cinema lk ෆේස්බුක් පිටුවටත් ලයික් කරන්න.

Share

116 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.