බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානම සම්මානයක් ශ්‍රී ලංකාවට
ලෝක සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ ඇගයීම උදෙසා පැවැත්වෙන සම්මාන උළෙල අතුරින්, දකුණු කොරියාවේ බූසාන් නගරය කේන්ද්‍ර කොටගෙන වාර්ෂිකව සංවිධානය වන බූසාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල – Busan International Film Festival ප්‍රධාන තැනක් හිමි කරගන්නවා.
බොහෝ සිනමාකරුවන්ට අනුව, ක්ෂේත්රීය වටිනාකම සහ දැවැන්තබාවයෙන් අද වනවිට සමස්ත ආසියාවේ ප්‍රමුඛතම සම්මාන ප්‍රදානෝත්සවයක් බවට පත් වන්නට ද මෙම බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙල සමත් වී තිබෙනවා.
මීට වසර 27කට පෙර 1996 වර්ෂයේදී ඇරඹුනු බූසාන් චිත්‍රපට උළෙල, තරුණ සිනමාකරුවන්ට සහ ක්ෂේත්රයට අලුතින්ම පිවිසෙන නිර්මාණකරුවන්ට වැඩියෙන් සමීප උළෙලක් ලෙසයි ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ. ආසියාව තුළ සිටින දක්ෂ තරුණ සිනමාවේදීන්ව ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ගේ ඉදිරි සිනමා ගමන වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීම මෙම සිනමා උළෙලේ ප්‍රධාන අරමුණක්.
28වන වරටත් පැවැත්වූ මෙවර Busan International Film Festival උළෙල පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට ආරම්භ වුනු අතර එතැන් සිට ඔක්තෝබර් 13 වනදා දක්වා චිත්‍රපට ප්‍රදර්ශන – සිනමා සංවාද – සම්මාන ප්‍රදානෝත්සව වැනි අංග රැසකින් සමන්විතව ඉතා විශාල දැනුම් පරාසයක් ඔස්සේ වර්ණවත් වුනා. මෙවර බූසාන් ආරම්භක වැඩසටහන මෙහෙයවූයේ ඇකඩමි සම්මානලාභී Parasite නලු Song – Kang Ho විසිනුයි.
මෙවර බූසාන් සිනමා උළෙලේදී විවිධ රටවල් 69ක් නියෝජනය කරමින් ඉදිරිපත් වුනු, විවිධ සිනමාකරුවන්ගේ චිත්‍රපට 269ක් පුළුල් තිර ප්‍රදර්ශනය කළා. සිනමා උළෙල අවසානයේදී පැවැත්වුනු වර්ණවත් සම්මාන ප්රදානෝත්සවයේදී මෙවර Busan International Film Festival හිදී ජයගත් චිත්‍රපට සඳහා ජයග්‍රහණ පිරිනැමුනු අතර ශ්‍රී ලාංකික අපට ද එය වැදගත් වන්නේ මෙවර බූසාන් උළෙලෙ හි ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුත් සමත් වීම නිසායි.
දකුණු කොරියාවේදී මෙලෙසින් සම්මානයට පාත්‍ර වුනේ ලංකාවේ සිටින ප්රවීණතම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රසන්න විතානගේ මහතායි. ඒ ඔහු අධ්‍යක්ෂණය කළ පළමු විදෙස් භාෂාමය නිර්මාණය වන “Paradise” නැමැති මලයාලම් චිත්‍රපටය වෙනුවෙනුයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම නියෝජනයක් ලෙසින් මෙවර උළෙල නියෝජනය කළ Paradise සිනමාපටය, බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ජයග්‍රහණය කළේ එම උළෙලෙ හි ප්‍රධාන සම්මානයක් වන ජීසොක් (JESEOK) සම්මානයයි.
එය ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන විශේෂ සම්මානයක් වන අතර Paradise චිත්‍රපටය එම සම්මානය දිනා ගත්තේ ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්තානය, තායිලන්තය, ජපානය, පිලිපීනය, බංග්ලාදේශය, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරමින් අවසාන නිර්දේශවීම් අතරට පැමිණි විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දහයක් සමඟ තරඟ වදිමින්…
බූසාන් සිනමා උලෙළේ නිර්මාතෘවරයකු සහ ආසියානු තරුණ සිනමාකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් සිදු කළ සිනමාවේදියෙකු වන කිම් ජීසොක් සිහි කරමිනුයි මෙම සම්මානය පිරිනැමෙන්නේ.
මෙවර JESEOK සම්මානය චිත්‍රපට දෙකක් අතරේ බෙදී ගිය අතර ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ Paradise සමඟින් මෙවර JESEOK සම්මානය දිනාගත් අනිත් සම – චිත්‍රපටය වන්නේ Mirlan Abdykalykov නමැති සිනමාකරුවාගේ Bride Kidnapping නැමැති කිර්ගිස්තාන චිත්‍රපටයයි. Paradise සිනමාපටය ගෙතෙන්නේ ආර්ථික අර්බුද සමයේදී ලංකාවේ සංචාරයකට පැමිණෙන කේරළ විවාහක යුවලක් වටායි.
ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මීට පෙරත් Busan International Film Festival හිදී සම්මානයට පාත්‍ර වූ අයෙක්. 1996 වසරේදී පළමුවරට පැවැත්වුනු බූසාන් සිනමා උළෙලේදීත් ඔහු සිය ‘අනන්ත රාත්‍රිය’ චිත්‍රපටය උදෙසා විශේෂ ජූරි සම්මානයකින් පිදුම් ලැබුවා.
බූසාන් උලෙළේදී විශේෂ ජූරි සම්මානයක් මුල්වරට පිරිනමන ලද්දේ අනන්ත රාත්‍රිය චිත්‍රපටය වෙනුවෙනි.
ප්‍රසන්න විතානගේ ජයග්‍රහණය කළ ජීසොක් (JESEOK) සම්මානයට අමතරව තවත් ඉසව් ගණනාවක් යටතේ මෙහිදී ජයග්‍රහණ පිරිනැමෙන අතර උළෙලේ ප්‍රධානම සම්මානය ලෙසින් හැඳින්වෙන New Currents Award සම්මානයත් සිනමාපට ද්විත්වයක් අතර මෙවර බෙදී ගියා.
ඒ බංගලාදේශ් – කැනඩා සම නියෝජනයක් ලෙසින් උළෙල ඉදිරිපත් කළ, Iqbal H. Chowdhuryගේ The Wrestler සිනමා නිර්මාණය සහ Tatsuya Mori නැමැති ජපන් සිනමාකරුවාගේ September 1923 සිනමාපටයයි.
The Wrestler චිත්‍රපටය සාම්ප්‍රදායික මල්ලවපොර සටන්ක්‍රමය ප්‍රගුණ කරන හුදෙකලා ධීවරයෙකු වටා ගෙතෙන අතර September 1923 ජනප්‍රිය ජපාන වාර්තා චිත්‍රපට රැසක නිර්මාණකරු වන Tatsuya Moriගේ පළමු ප්රබන්ධමය – වෘතාන්ත සිනමාපටයයි.
වාර්තා වන පරිදි එක්ලක්ෂ හතළිස්තුන්දහසකට (143,000) අධික ජනතාවක් මෙවර බූසාන් සිනමා උළෙල නැරඹීමට පැමිණ තිබෙනවා. ඊට අමතරව ලෝ පුරා ජනප්‍රිය නලු නිළියන්, අධ්‍යක්ෂකරුවන්, සහ දෙසීයකට අධික සිනමාකරුවන් පිරිසකුත් මෙම අවස්ථාවට සම්බන්ධ වුනා.
පහතින් දැක්වෙන්නේ 28වන බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වූ, ලෝ පුරා විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණවල සම්පූර්ණ ලැයිස්තුවයි.
BUSAN 2023 FULL LIST OF AWARDS:
New Currents Award:
The Wrestler (Bangladesh-Canada), dir: Iqbal H. Chowdhury
September 1923 (Japan), dir: Tatsuya Mori
Kim Jiseok Award:
Paradise (Sri Lanka-India), dir: Prasanna Vithanage
Bride Kidnapping (Kyrgyzstan), dir: Mirlan Abdykalykov
BIFF Mecenat Award:
The Voices Of The Silenced (Korea-Japan), dir: Park Soo-nam, Park Maeui
Republic (Singapore-China), dir: Jin Jiang
Sonje Award:
Mydear (Korea), dir: Jeon Dohee, Kim Sohee
21 Weeks Later (Iran), dir: Nasrin Mohammadpour
Special Mention: Everybody’s Gotta Love Sometimes (France-Myanmar-Indonesia), dir: Sein Lyan Tun
Actors of the Year:
Jang Sung-bum, Work To Do (Korea)
Oh Minae, Concerning My Daughter (Korea)
KB New Currents Audience Award: Heritage (Korea), dir: Lee Jong-su
Flash Forward Audience Award: The Dreamer (France), dir: Anais Tellenne
LG OLED New Currents Award: Solids By The Seashore (Thailand): dir: Patiparn Boontarig
LG OLED Vision Award: The Berefts (Korea), dirs: Jeong Beom, Hur Jang
FIPRESCI Award: That Summer′s Lie (Korea), dir: Sohn Hyun-lok
NETPAC Award: Solids By The Seashore (Thailand): dir: Patiparn Boontarig
DGK Plus M Award:
Work To Do (Korea), dir: Park Hong-jun
Isle Of Snakes (Korea), dir Eu-min Kim
CGV Award: Concerning My Daughter (Korea), dir: Lee Mirang
KBS Independent Film Award: House Of The Seasons (Korea), dir: Oh Jung-min
CGK Award: House Of The Seasons (Korea), cinematographer: Lee Jinkeun
Critic b Award: Last Summer (Korea), dir Choi Seung-woo
Aurora Media Award:
House Of The Seasons (Korea), dir: Oh Jung-min
FAQ (Korea), dir: Kim Da-min
Watcha Short Award:
Mydear (Korea), dir: Jeon Dohee, Kim Sohee
Karma (Korea), dir: Choi Soohyuk
Citizen Critics’ Award: The Berefts (Korea), dirs: Jeong Beom, Hur Jang
Busan Cinephile Award: Yellow Door: ′90s Lo-fi Film Club (Korea), dir: Lee Hyuk-rae
Written by Kavinu Weerakkody