මලයාලම් සිනමාවෙන් තවත් පිම්මක්: ‘ @ ‘

Avatar Kavinu Weerakkody | April 23, 2022 141 Views 0 Likes 0 Ratings

141 Views 0 Ratings Rate it

මලයාලම් සිනමා කර්මාන්තය ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තීය සිනමා කර්මාන්තවලට වඩා සමගාමීව කුඩා වූව ද, තමන්ගේ සිනමාපට සඳහා නව්‍යකරණය වූ විවිධ සිනමා ආකෘතීන් යොදා ගන්නට ඔවුන් නිරතුරුවම උත්සාහ ගන්නවා. සාපේක්ෂව සිනමාශාලා අඩු කුඩා සිනමා කර්මාන්තයක් වුණත්, ලෝ පුරා අතිශය දැවැන්ත රසිකාගාරයක් ගොඩ නගා ගන්නට කේරළය ප්‍රාන්තය මුල් කරගත් මලයාලම් සිනමාවට හැකියාව ලැබී තිබෙන්නේ ඒ හේතුව නිසා යි.

OTT මාධ්‍ය තුළින් කේරළ සිනමාවට දැවැන්ත රසිකයින් පිරිසක් ලෝ වටා බිහි වී තිබුණත්, ඔවුන්ගේ සිනමා නිර්මාණ සිනමාශාලා තුළට ගොස් නරඹන රසිකයින් සංඛ්‍යාව තවමත් යම් සීමිත කලාප ප්‍රමාණයකට කොටු වී තිබෙනවා. ගුණාත්මකබාවයෙන් ඉහළ මට්ටමක තිබෙන බොහෝ මලයාලම් චිත්‍රපට පවා සිනමාශාලා ප්‍රදර්ශනයට විවර වන්නේ කේරළ ප්‍රාන්තය තුළත් ගල්ෆ් කලාපය මුල් කරගත් සිනමාශාලා ජාලාවන් තුළත් පමණක් වීම කණගාටුදායක තත්වයක්.
මෙවැනි හේතූන් නිසාම ගුණාත්මකබාවයට සාපේක්ෂව මලයාලම් චිත්‍රපට තුළින් ජනනය වෙන මූල්‍යමය තත්වය (BoxOffice Gross) අඩු අගයක් ගන්නවා. මෙනිසා බොහෝ සිනමා විචාරකයින් මලයාලම් සිනමා කර්මාන්තය හඳුන්වන්නේ අනෙක් ප්‍රාන්තීය සිනමාවන්ට වඩා less grossing සිනමාවක් විදිහටයි.

ලෝ පුරා රසිකයින් දස දහස් ගණනක් ආශක්ත වී සිටින මලයාලම් සිනමාව තුළ High-Budget චිත්‍රපට හෝ  Tech-Thrillers වැනි ශානරමය චිත්‍රපට එපමණ දක්නට නොලැබීමටත් මෙම ආදායම් ගැටලුව ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. කෙසේ වුවත්, මෙම ගැටලුව මඟ හරවා ගනිමින් විවිධ අවස්ථාවලදී නිර්මාණය වූ සාර්ථක Tech Thrillers කිහිපයක්ම පසුගිය කාලයේදී ප්‍රේක්ෂකයින්ට නරඹන්නට හැකියාව ලැබුනා.
Manju Warrier රංගනයෙන් එක් වූ Chathur Mukham
Fahadh Fasil ප්‍රධාන චරිත නිරූපණය කළ C U Soon
Tovino Thomas රඟපෑ Naradan වැනි සිනමාපට ඒ ආකාරයෙන් සාර්ථක වූ මලයාලම් භාෂාමය web thriller චිත්‍රපට කිහිපයක්…

මෙවැනි ශානරමය වෙනස්කම් අනුව එකිනෙකට වෙනස් තේමා සහිත චිත්‍රපට නිර්මාණය කරන්නට නිරන්තරයෙන්ම උත්සාහ ගන්නා මලයාලම් සිනමා කර්මාන්තය මෙම වසරේ මුල් භාගයේදී තවත් කඩයිමකට ළඟා වූවා. ඒ එදා’ මෙදාතුර කේරළ සිනමාවෙන් බිහි වන්නට නියමිත පළමු Dark – Web Thriller චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරමිනුයි!

මෙම නිර්මාණයේ plot details සහ production updates ගැන වැඩිදුර විස්තරයක් තවමත් දැනගන්නට නොලැබුණත් රූපගත කිරීම් පෙබරවාරි මාසයේදී ඇරඹුණු බවට අන්තර්ජාලයේ සඳහන් වනවා. චිත්‍රපටයේ රූපගත කිරීම් සියල්ලම කේරළයේ සීමිත ප්‍රදේශ කිහිපයකට සීමා වී තිබීමත් විශේෂත්වයක්. කේරළ ප්‍රාන්තයේ ආලුවා සහ එර්නාකුලම් ප්‍රදේශ මූලික කරගනිමින් සිදු වූ එම රූපගත කිරීම්වලින් බහුතරයක් මේ වනවිට අවසන් වී ඇති බවටයි කේරළයේ සිනමා වෙබ් අඩවි වාර්තා කරන්නේ…

‘ @ ’ යනුවෙන් නම් තබා තිබෙන මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Akash Sen විසිනුයි. මෑතකාලීන මලයාලම් සිනමාවේ දක්ෂ තිර පිටපත් රචකයෙකු සහ Ayyappanum Koshiyum චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන, පසුගිය වසරේදී ජීවිතයෙන් සමුගත් සිනමාවේදී Sachyගේ පුත්‍රයා වන Akash Sen මින් පෙර සිනමා කර්මාන්තයට සම්බන්ධ විවිධ අංශවලට දායක වී සිටියත් රංගන ශිල්පියෙකු ලෙස කිසිදු සිනමා නිර්මාණයකට එක්ව සිටියේ නැහැ. ඒ අනුව Akash Sen සිනමා රංගනයට පළමු වරට සම්බන්ධ වන්නේ ද @ හරහායි.
ඔහුට අමතරව Shaju Sreedhar, Rachel David, Sanjana Jose, Sharanjith සහ Nayana Elza වැනි දක්ෂ – තරුණ මලයාලම් රංගන ශිල්පීන් ගණනාවක්ම @ නිර්මාණයට රංගනයෙන් සම්බන්ධ වීමට නියමිතයි.

මලයාලම් සිනමා කර්මාන්තයෙන් බිහිවන මෙම පළමු Dark – Web Thriller චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ ද තම හැකියාවන් තුළින් එම ප්‍රාන්තීය සිනමාවට නවතම මුහුණුවරක් ගෙන දුන් සිනමාකරුවෙක්!
ඔහු නමින් Don Max… 10 Kalpanakal චිත්‍රපටයෙන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඔහුගේ දෙවන අධ්‍යක්ෂණය වන්නේ මෙම නිර්මාණයයි. අධ්‍යක්ෂණයට නවකයෙකු වුවද සිනමා කර්මාන්තයට නම් ඔහු නවකයෙකු නොවෙයි.
2005 වසරේදී Shaji Kailasගේ The Tiger සිනමාපටය තුළින් සංස්කරණ ශිල්පියෙකු (editor) ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන Don Max, ඉන්පසුව මලයාලම් – දෙමළ – තෙළිඟු – කන්නඩ චිත්‍රපට ගණනාවක ප්‍රධාන සංස්කරණ ශිල්පියා වශයෙන් කටයුතු කර තිබෙනවා. ඊට අමතරව තවත් චිත්‍රපට 50කට අධික ප්‍රමාණයක පූර්ව ප්‍රචාරකපට සංස්කරණය (Varne Avashyamund, Lucifer, Meppadiyan, Koode) සඳහාත් තම දායකත්වය ලබා දුන් ඔහු කේරළයේ පළමු ඩිජිටල් සිනමා ව්‍යාපෘතියට ද සම්බන්ධ වූවා.
Paradesi, Kuruvi, Drona, Monsoon Mangoes, ABCD, Annan Thambi වැනි නිර්මාණ එසේ සංස්කරණය කළ අදටත් ජනප්‍රිය මලයාලම් චිත්‍රපට කිහිපයක්… ඉදිරියේදී නිකුත් වීමට නියමිත වසරේ anticipated ම කේරළ සිනමාපටයක් වන ALONE හි සංස්කරණ ශිල්පියා ද ඔහුයි.

Adhavan (2009) , Sura (2010) , Ponnar Shankar (2010) වැනි විශාල පිරිවැයක් දරමින් නිපදවූ දැවැන්තම නිර්මාණ කිහිපයක සංස්කරණය සිදු කරමින් දකුණු ඉන්දියාව තුළ තම ස්ථාවරත්වය තහවුරු කර ගත් Don Max, 2014 වසරේදී තමිල්නාඩු ප්‍රාන්තයේ සුපිරි තරුව Thalapathy Vijay සහ මලයාලම් සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පියා Mohanlal රංගනයෙන් දායක වූ Jilla සිනමාපටයෙ හි සංස්කරණ ශිල්පියා ලෙසත් කටයුතු කරනු ලැබූවා. Jilla චිත්‍රපටය නැරඹූ දකුණු ඉන්දීය ප්‍රධාන විචාරකයින් සියලු දෙනාම පාහේ එහි සංස්කරණ ශෛලය ගැන ධනාත්මකව අදහස් දැක්වූ අතර තමිල්නාඩුවේ සමස්ත සිනමා කර්මාන්තය තුළම Don Max ගැන අවධානයට ලක් වූවා.

මේ ආකාරයෙන් movie editing ක්ෂේත්‍රය තුළ දක්ෂතා පෙන්වූ ඔහු තමන්ගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසුණේ 2016 වසරේදී යි. 10 Kalpankal නමින් හැඳින්වූ එම නිර්මාණය තුළ Anoop Menon ප්‍රධාන චරිතය නිරූපණය කළේ අපරාධ පරීක්ෂණ නිලධාරියෙකු ලෙසයි.

 

මෙම @ සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා මෙන්ම තිර පිටපත රචනා කර තිබෙන්නේ ත් Don Max විසින්මයි. නිෂ්පාදන කණ්ඩායමට ඇතුළත් බොහෝ දෙනෙකු ගැන විස්තර පළ නොවුණත් ඔහුගේ පළමු අධ්‍යක්ෂණයට සම්බන්ධ වූ පිරිසෙන් වැඩි දෙනෙක් මේ නිර්මාණයේ නිෂ්පාදන කටයුතු සඳහාත් දායක වී තිබෙනවා. සුපුරුදු පරිදි සංස්කරණය සිදු කිරීමට නියමිතව තිබෙන්නේ ද ඔහු විසිනි!

Share

141 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.