මැරීන් Drive – පුරුදු මුහුණු වෙනස් චරිත එක්ක ළඟදීම.
සටහන : කවිනු වීරක්කොඩි
පසුගිය දිනවල, මැරීන් Drive චිත්‍රපටය ගැන සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇති වුණා. මේඝ සූරියආරච්චි සහ රුසිරු රණසිංහ ප්‍රමුඛ PRUVE කණ්ඩායමේ පළමු සිනමා ප්‍රයත්නය විදිහට නිර්මාණය වුණු මේ චිත්‍රපටය අයත් වෙන්නේ Action Thriller කැටගරියට. නමුත් කතා තේමාව පිළිබඳව තවමත් වැඩි විස්තරයක් එළිදක්වලා නැහැ.
කොහොම වුනත් මේ චිත්‍රපටයේ First Look පෝස්ටරය දැන් මුදාහැර තිබෙනවා. ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ, දර්ශන් ධර්මරාජ්, ශ්‍යාම් ප්‍රනාන්දු, කළණ ගුණසේකර, සේවියර් කනිෂ්ක, නයනතාරා වික්‍රමාරච්චි සහ රුවින් ද සිල්වා වැනි නලු නිළි පිරිසක් මැරීන් Drive චිත්‍රපටය තුළින් අපට දැකගන්න පුලුවන්. සංගීත අධ්‍යක්ෂණය උමේෂ් රාජපක්ෂ විසින් සිදු කරන අතර සංස්කරණය සජිත් කන්දනාරච්චි විසින්.
මේ අතරතුරදී, මැරීන් Drive කණ්ඩායම නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඉතා ඉක්මනින් තම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක ටීසර්පටයක් අන්තර්ජාලයට නිකුත් කරන බවයි.
Written by Nisanka Weheraduwa