රන්ජන්ගෙන් රන්ජා

Avatar Cinema.lk A | October 4, 2012 146 Views 0 Likes 0 Ratings

146 Views 0 Ratings Rate it

ගමක ජීවත්වන චණ්ඩි තරුණයකුගේ ජිවිතය කේන්ද්‍ර කර ගනිමින් චිත්‍රපටයක් තැනීමට සුනිල් ටී සහ සුදේශ් වසන්ත පීරිස් දෙපොල සුදානම් වේ.මෙම සිනමා සිතුවම සුනිල් ටී ගේ අභිමානවත් පනස් පස්වැනි සිනමා නිෂ්පාදනයයි.රන්ජා ලෙස නම් කර ඇති මෙම නිර්මාණයේ එම චරිතයට පණ පොවනුයේ දෙරණ සිනමා රාත්‍රියේ දී වසරේ නප්‍රියම නළුවා ලෙස කිරුළු පලන් රන්ජන් රාමනායකයි.

රන්ජා සමඟින් හෙළ සිනමාවට අලුත් මුහුණු යුවළක් හඳුන්වා දේ.ඒ ඒෂියා දිසානායක සහ රිතු ආකර්ෂායි.රෙක්ස් කොඩිප්පිලි, රොබින් ප්‍රනාන්දු, ටෙනිසන් කුරේ, රොජර් සෙනෙවිරත්න, පියුමි ශානිකා, සඳුන් විජේසිරි, වසන්ත කුමාරවිල, ශ්‍රීමාල් වෙඩිසිංහ, දෙනුවන් සේනාධි, නිල්මිණි කෝට්ටේගොඩ, ප්‍රේමදාස විතානගේ, විනෝජා නිලන්ති, රොහානි වීරසිංහ, කීර්ති රංජිත් පීරිස්, ශාන්බන්දු වීරසිංහ, නිශාන්ත සඳබරණ, දොන් ලීලාරත්න රංගනයෙන් එක්වෙන සෙසු චරිතයන්ය.

මෙහි කතාව දෙබස් තිර රචනය ද සුදේශ්ගේය.කැමරාව ගාමිණී මොරගොල්ලාගම මෙහෙය වන අතර සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය කුමාරසිරි ද සිල්වාගෙනි. සරත් සමරවික්‍රම කලා අධ්‍යක්ෂවරයායි. සංඛ අබේසිංහ නැටුම් අධ්‍යක්ෂණයෙන්ද, වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද දායක වෙති. සරත් රණවීරගේ අංග රචනයකි. නිෂ්පාදන කළමනාකරණය දොන් ලීලාරත්නගෙනි. කේෂාන් සුදන්ත පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයකි.

Share

146 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.