වසරේ මුල් කාර්තුවේ හොඳම නිර්මාණ ඇගයෙන HCA Midseason Awards

Avatar Kavinu Weerakkody | June 29, 2022 47 Views 0 Likes 0 Ratings

47 Views 0 Ratings Rate it

මෙවර HCA Midseason Awards සම්මාන උළෙලේ අවසන් නිර්දේශ අතරට පැමිණි සිනමා නිර්මාණ සහ රංගන ශිල්පීන්ගේ නාමාවලිය ඊයේ දිනයේදී මාධ්‍යයට නිකුත් කළා. Hollywood Critics Association මූලිකත්වයෙන් වසරකට වරක් සංවිධානය කෙරෙන මෙම සිනමා උළෙලේ ආරම්භය 2018 වර්ෂයේදී සිදු වුනු අතර මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩව 05වන වතාවටයි.

මෙහිදී සිදුවන්නේ සෑම වසරකම මුල් මාස 06 ඇතුළතදී නිකුත් වූ චිත්‍රපට පිළිබඳ සලකා බලමින් ඒවා අතරින් විශිෂ්ටතම නිර්මාණ උදෙසා සම්මාන ප්‍රදානය කිරීමයි. මේ සඳහා සෑම වසරකම ජුනි මාසයේදී Hollywood Critics Association සංවිධානය නියෝජනය කරන පිළිගත් සිනමාවේදීන් පැනලයක් නම් කරන අතර ඔවුන් විසින් අදාළ වසරේ මුල් භාගයේදී නිකුත් වූ චිත්‍රපට පිළිබඳව විමසීමක් සිදු කරනු ලබනවා. එයින් පසු, ජුනි දෙවන සතිය වනවිට ඒවා අතරින් සම්මානයට පාත්‍ර වීමට සුදුසු චිත්‍රපට නාමාවලියක් ඔවුන් විසින් ලැයිස්තුගත කරනවා. සෑම වසරකම ජූනි මාසයේ අග සතියේදී එම අවසන් නිර්දේශ වීම් ලැයිස්තුව Hollywood Critics Association සංවිධානයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා මාධ්‍යයට නිරාවරණය කරනු ලබනවා.
එම nominations තුළින් ජයග්‍රහණය කරනු ලබන චිත්‍රපට ගැන දැනුම් දෙන්නේ අදාළ වර්ෂයේ ජුලි මාසයේදී පවත්වනු ලබන HCA Midseason Awards සම්මාන උත්සවයේදී යි.

මෙවර HCA Midseason Awards සඳහා වසරේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් නිර්මාණ ගණනාවක්ම ඇතුළත්ව තිබෙනවා. එමෙන්ම විවිධ OTT මාධ්‍ය හරහා නිකුත් වී, ධනාත්මක විචාරක අවධානයක් දිනාගත් සිනමාපට කිහිපයකුත් මෙම nominations ලැයිස්තුවට ඇතුළත්!
බොක්ස්-ඔෆිස් වාර්තා අලුත් කරමින් ඇමරිකානු ඩොලර් බිලියනයේ (1 Billion USD) සීමාව පසු කළ Top Gun: Marvick… A24 ආයතනයේ වැඩිම රසික අවධානයක් දිනාගත් Everything Everywhere All At Once…  DC Comics පිළිබඳ රසික කියැවීම වෙනස් කළ The Batman… ආදී මෙම වසරේ මුල් කාර්තුවේ ජනප්‍රිය නිර්මාණ ගණනාවක්ම මෙම නිර්දේශවීම් අතරෙ හි දක්නට හැකියි.

මේ අතුරින් වැඩිම නිර්දේශවීම් සංඛ්‍යාවකට හිමිකම් කියමින් පළමු ස්ථානයට පැමිණ තිබෙන්නේ The Daniels අධ්‍යක්ෂණය කළ Everything Everywhere All At Once සිනමාපටයයි. එය හිමි කරගෙන තිබෙන nominations ප්‍රමාණය අටක්. නිර්දේශවීම් පහක් සමඟින් Matt Reeves අධ්‍යක්ෂණය කළ The Batman දෙවන ස්ථානයටත්,  නිර්දේශවීම් හතරක් සමඟින් Tom Cruise ප්‍රධාන චරිතය රඟපාන Top Gun – Marvick තෙවන ස්ථානයටත් පැමිණ තිබෙනවා.

මෙවර HCA Midseason Awards හි තෝරාගත් චිත්‍රපට අතරට ඉන්දීය සිනමාපටයක් තේරීපත් වීමත් එක්තරා විශේෂත්වයක්. 2022 වසරේ මුල් භාගයට අදාළ විශිෂ්ටතම චිත්‍රපටයට (Best Picture) හිමි සම්මානය සඳහායි මෙම ඉන්දියානු සිනමාපටය නිර්දේශ වී තිබෙන්නේ. ඒ දක්ෂ දකුණු ඉන්දීය සිනමාකරුවෙකු වන SS Rajamouli අධ්‍යක්ෂණය කළ RRR නැමැති තෙළිඟු භාෂාමය නිර්මාණයයි.

Best Picture:

Cha Cha Real Smooth
Elvis
Everything Everywhere All At Once
Marcel The Shell With Shoes On
RRR
The Batman
The Northman
The Unbearable Weight of Massive Talent
Top Gun: Maverick
Turning Red

Best Actor:

Alexander Skarsgård – The Northman
Austin Butler – Elvis
Nicolas Cage – The Unbearable Weight of Massive Talent
Sebastian Stan – Fresh
Tom Cruise – Top Gun: Maverick

Best Actress:

Daisy Edgar-Jones – Fresh
Emma Thompson – Good Luck to You, Leo Grande
Jenna Ortega – The Fallout
Mia Goth – X
Michelle Yeoh – Everything Everywhere All At Once

Best Supporting Actor:

Colin Farrell – The Batman
Ke Huy Quan – Everything Everywhere All At Once
Miles Teller – Top Gun: Maverick
Paul Dano – The Batman
Pedro Pascal – The Unbearable Weight of Massive Talent

Best Supporting Actress:

Anya Taylor-Joy – The Northman
Dakota Johnson – Cha Cha Real Smooth
Jamie Lee Curtis – Everything Everywhere All At Once
Stephanie Hsu – Everything Everywhere All At Once
Zoë Kravitz – The Batman

Best Director:

Baz Luhrmann – Elvis
Joseph Kosinski – Top Gun: Maverick
Matt Reeves – The Batman
Robert Eggers – The Northman
The Daniels – Everything Everywhere All At Once

Best Screenplay:

Cooper Raiff – Cha Cha Real Smooth
Matt Reeves & Peter Craig – The Batman
Graham Moore – The Outfit
The Daniels – Everything Everywhere All At Once
Tom Gormican and Kevin Etten – The Unbearable Weight of Massive Talent

Best Horror:

Fresh
Master
Scream
The Black Phone
X

Best Indie Film:

After Yang
Emergency
Everything Everywhere All At Once
Marcel The Shell with Shoes On
X

Most Anticipated Film:

Avatar: The Way of Water
Babylon
Don’t Worry, Darling
Killers of the Flower Moon
Nope

මෙයින් ජය ගන්නා ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න ජුලි පළමුවෙනිදා (01) Hollywood Critics Association හි නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා දැනුම් දීමට නියමිතයි.

Share

47 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.