විසංගමනය – දෙරණ LUX සිනමා සම්මාන 2024
ලෝ පුරා ජාත්‍යන්තර මට්ටමේ සිනමා උළෙල රැසක් නියෝජනය කරමින්, ඒවායින් ඇගයුමට පත්වන්නට හැකිවුනු විසංගමනය චිත්‍රපටයත් මෙවර දෙරණ Lux සිනමා සම්මාන – 2024 උළෙලට ඇතුළත් වී තිබෙනවා.
විසංගමනය චිත්‍රපටයෙ හි කතාව ගෙතී යන්නේ ජගත් නැමැති ධනවත් පුද්ගලයා සහ ජගත්ගේ ක්‍රියාකලාපය නිසා ඔහුගේ පවුලේ සමීපතමයින්ට මුහුණ දෙන්නට සිදුවන ගැටළුකාරී තත්වය වටායි.
“ජගත්” ගුරු යුවලකගේ පුත්‍රයා වන අතර ඔහු අධික ලෙස මුදල් පසු පස හඹා යන, ධනවත් වීමට කෑදර චරිතයක්. සිය ජීවිතයේ සෑම දෙයක්ම මුදලට යට කරන ඔහු සිය විවාහය සිදු කර ගන්නේ ද තවත් ධනවත් වීම සඳහාම පමණයි.
මිනිස් ජීවිතයට වඩා මිල මුදල්වලට ප්‍රමුඛස්ථානය දෙන ජගත් අවසානයේදී මිනිස් අවයව ජාවාරමක් පවා මෙහෙයවන්නට පටන් ගන්නේ තවත් ධනවත් වීමේ අරමුණෙනුයි. ජගත්ට මැදිවෙන රුක්ෂානි සහා ඊෂාට සිදු වන්නේ ද ඔහුගේ බලකිරීමට යටවී අකැමැත්තෙන් හෝ ඔහු සමඟින් ජීවත් වීටමයි.
මිනිසත්කම වෙනුවට මුදලට මුල් තැන දී ගෙවෙන මොවුන්ගේ ජීවිතවලට අත් විඳින්නට සිදු වන සිදුවීම් පෙළයි, “විසංගමනය (Isolation)” චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ…
මෙය රන්ජන් ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයක් වන අතර ඔහු සිනමා අධ්යක්ෂණයට පිවිසි පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. චිත්‍රපටය නිෂ්පාදනය කොට තිබෙන්නේ මහේෂ් විජේරත්න විසිනුයි. උපාලි ගම්ලත් විසංගමනයෙ හි තිර පිටපත් රචකයායි. කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වී තිබෙන ඔහු කළු හිම සහ ගුරු ගීතය චිත්‍රපට ද්විත්වයේ අධ්‍යක්ෂකවරයා ද වනවා.
“විසංගමනය (Isolation)” චිත්‍රපටයෙ හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ සමඟින් සමනලී ෆොන්සේකා යි. ඊට අමතරව ඩග්ලස් රණසිංහ, චින්තක කුලතුංග, උදිත් අබේරත්න, බන්දුල සූරිය බණ්ඩාර, චරිත් අබේසිංහ, නිරෝෂන් විජේසිංහ වැනි ප්‍රවීණ සහ නව පරපුරේ ජනප්‍රිය නලු නිළියන් රැසක්ම මෙයින් දැකගත හැකියි. ප්‍රවීණ රංගවේදිනී හයසින්ත් විජේරත්න මහත්මිය විසින් අවසන් වතාවට තම රංගන දායකත්වය ලබාදුන් සිනමාපටය වන්නේ ද විසංගමනය (Isolation) යි.
මේ වනවිට ජාත්‍යන්තරව පිළිගත් මට්ටමේ සිනමා උළෙල රැසක් නියෝජනය කරමින්, කිහිප වතාවක්ම ඒවායේදී ප්‍රදර්ශනය වුනු විසංගමනය සිනමාපටය, අන්තර්ජාතික සම්මාන කිහිපයකුත් ජයග්‍රහණය කළා.
Golden Leaf International Film Festival – ඉන්දියාව – විශේෂාංග චිත්‍රපට අංශයේ හොඳම මංගල චිත්‍රපට නිෂ්පාදකයා
Port Blair International Film Festival – ඉන්දියාව – හොඳම ප්රාරම්භක සිනමාකරුවා
Student World Impact Film Festival – ඇමරිකාව – හොඳම විශේෂාංග චිත්‍රපටය
Student World Award – ඇමරිකාව – හොඳම චිත්‍රපටය
My Cinema Global Film Festival – හොඳම විශේෂාංග චිත්‍රපටය
Rome Prisma Film Awards – ඉතාලිය – නිල තේරීම
Los Angeles Lift Off Film Festival – ඇමරිකාව – නිල තේරීම
London Lift Off Film Festival – එක්සත් රාජධානිය – විශේෂාංග චිත්‍රපට අංශයේ හොඳම ප්රාරම්භක චිත්‍රපට නිෂ්පාදකයා
Toronto Lift Off Film Festival -කැනඩාව – නිල තේරීම
Tokyo Lift Off Film Festival – ජපානය – නිල තේරීම
New York Lift Off International Film Festival – ඇමරිකාව – නිල තේරීම
Los Angeles Lift Off International Film Festival – ඇමරිකාව – නිල තේරීම
Stockholm City Film Festival – ස්වීඩනය – විශේෂාංග චිත්‍රපට අංශයේ හොඳම අධ්‍යක්ෂණය
Andaman & Nicobar Island Film Festival – ඉන්දියාව – හොඳම චිත්‍රපට නිෂ්පාදකයා
විසංගමනය සිනමා නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂකවරයා වන්නේ තිසුල දීප තඹවිටයි. සමන්ත පෙරේරාගේ සංගීතයෙන් හැඩ වුනු චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය සිදු කර තිබෙන්නේ සශින් ගිම්හාන් පෙරේරා විසිනුයි. සංස්කරණය තිසර ධනංජයගෙනි. වර්ණ සංයෝජනය ප්‍රවීන් ජයරත්නගෙනි. චන්දන ප්‍රියංකර කලා අධ්යක්ෂකවරයායි. සහාය අධ්‍යක්ෂණයෙන් එක්ව තිබෙන්නේ තරංග නිරිඇල්ලයි.
තිස්ස ලියනාරච්චි මෙහි විධායක නිෂ්පාදකවරයා ලෙස සම්බන්ධ වී තිබෙනවා. වේෂ නිරූපණය ප්‍රියන්ත තිලක් රත්නායකගෙනි. සමන්ත පෙරේරා සහ දිනිත් අභිෂේක් විසංගමනය චිත්‍රපටයේ ගීත ගායනයෙන් එක්ව තිබෙන අතර ගීත රචනය රත්න ශ්‍රී විජේසිංහ සහ නන්දන ප්‍රේමචන්ද්‍ර එකතුවෙනි. පූර්ව ප්‍රචාරකපටය නිර්මාණය කළේ ශාන් අල්විස් විසිනි.
විසංගමනය චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.
මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!
එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…
මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 16 වනදා සවස 7.30ට TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody