ආසියානු සාම සිනමා උළෙලට නිර්මාණ බාරගැනේ

Avatar Nisanka Weheraduwa | January 9, 2018 68 Views 0 Likes 0 Ratings

68 Views 0 Ratings Rate it

Asia Peace Film festival (ආසියානු සාම සිනමා උළෙල) සඳහා නිර්මාණ සඳහා අයදුම්කරුවන්ගේ නිර්මාණ බාර ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. නිදහස් සිනමාකරුවන් සහ සිනමාව හදාරන සිසුන්ට ඔවුන්ගේ නිර්මාණ දැන් යොමුකළ හැකියි. කාණ්ඩ තුනක් යටතේ නිර්මාණ සඳහා ඇගයීම සිදු කෙරෙන බව සංවිධායකයින් නිවේදනය කොට තිබෙනවා. කෙටි චිත්‍රපට, ත්‍රිමාණ සජීවිකරණ සහ වාර්තා චිත්‍රපට යන අංශ තුන යටතේ සිනමාපට ඇගයීම සිදු කෙරෙනවා. සාමය, සංස්කෘතිය, පෞරාණික සාධක, විවිධත්වය, වැනි තේමාවන් යටතේ නිර්මාණ යොමුකළ හැකියි. එක අධ්‍යක්ෂවරයකුට එක් නිර්මාණයක් පමණක් මේ සඳහා යොමුකල හැකියි. නිර්මාණ කරුවන්ට වඩා පහසු වන ඕනෑම භාෂාවකින් නිර්මාණ ඉදිරිපත් කළ නමුත් ඉංග්‍රීසි උප සිරැසි තිබීම අනිවාර්ය වන බවත් ඔවුන් නිවේදනය කොට තිබෙනවා. වසර දෙකකට පෙර නිර්මාණය කළ නිර්මාණ බාර ගැනීමත් සිදු නොකරන බව සිනමා උළෙල අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කොට තිබෙනවා. 2018 පෙබරවාරි මස 15 වැනිදායින් නිර්මාණ බාර ගැනීම අවසන් කෙරෙනවා. https:filmfreeway.com/AsiaPeaceFilmFestivalKarachiEdition මගින් නිර්මාණ යොමුකළ හැකියි. 26166594_10156168363195712_4659087760101751360_n

 

Share

68 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.