බංග්ලාදේශ සිනමා උළෙලේ දෙවැනි දිනය 24 වැනිදා
බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව බංග්ලාදේශ චිත්‍රපට උළෙලක් සංවිධානය කරන බව මේ වනවිට සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් දන්නා කරුණක්. මේ සිනමා උළෙලේ විශේෂත්වයක් තිබෙනවා. එනම් ජාත්‍යන්තරව සම්මානයට පාත්‍ර වුනු සිනමාපට හයක් උළෙලේදී තිරගත කිරීම. බොලිවුඩ් සිනමාව හැරුනුකොට ශ්‍රී ලාංකිකයින්ට දකුණු ආසියාතික අනිකුත් සිනමාකෘති නැරඹීමට අවස්ථාව හිමි වන්නේ කලාතුරකින්. නමුත් මේ එවන් විරල අවස්ථාවක්.
මාර්තු මස 24 වැනිදා කියන්නේ බංග්ලාදේශ සිනමා උළෙලේ දෙවැනි දිනය. එදිනට සිනමාපට තුනක් තිරගත කිරීමට නියමිතයි. පෙ.ව. 10.30ට සවස 3.00ට සහ 6.30ට වශයෙන් මෙම චිත්‍රපට සඳහා දර්ශන වාර පැවැත්වෙනවා. උදේ 10.30ට Anil bagchir ekdin චිත්‍රපටය තිරගත වනවා. සවස 3.00ට Bhubon Majhi චිත්‍රපටය සහ සවස 5.30ට Aynabazi චිත්‍රපටයත් තිරගත කෙරෙනවා. බංග්ලාදේශ සිනමාවේ අපූරු සම්මානිත සිනමාපට නැරඹීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවට රැස්වන ලෙස සංවිධායකයින් සිනමා ලැදි සැමට ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa