බංග්ලාදේශ සිනමා උළෙලේ ආරම්භක දිනය

Avatar Nisanka Weheraduwa | March 20, 2018 91 Views 0 Likes 0 Ratings

91 Views 0 Ratings Rate it

බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධාන කෙරෙන බංග්ලාදේශ සිනමා උළෙලක් මාර්තු 23 වැනිදා ආරම්භ වනවා. උළෙලේ සමාරම්භක සිනමාපටය ලෙස Doob බංග්ලාදේශ සිනමා උළෙලේ ප්‍රදර්ශනය කෙරෙනවා. Mostofa Sarwar Farooki විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ Irfan Khan ප්‍රධාන චරිතය නිරුපනය කරනවා. Nusrat Imrose Tisha, Rokeya Prachy, Pam Mittra මෙහි අනිකුත් චරිත නිරුපනය කරනවා. ධාවන කාලය විනාඩි 105ක් වන මේ චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ගැනීමටත් එවන් සිනමා උළෙල වල ප්‍රදර්ශනය කිරීමටත් සුදුසුකම් ලබා තිබුනා. මාර්තු 23 වැනි සිකුරාදා සවස 5.30ට මෙම චිත්‍රපටය තරංගනී ශාලාවේදී තිරගත කෙරෙනවා.

Share

91 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.