මහනුවරට නැවුම් සිනමා අත්දැකීමක් – කටුගස්තොට Arena Laserplex අලුත් වෙයි
මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ එරිනා සිනමා ශාලා පරිශ්‍රය, නවීන තාක්ෂණයෙන් සහ නැවුම් මුහුණුවරකින් “Arena Laserplex” නමින් පසුගියදා විවෘත වුනා. එරීනා සිනමාහල දශක ගණනාවක් තිස්සේ කටුගස්තොට සිනමා රසිකයින්ට සමීප වූ ස්ථානයක් මෙන්ම මෙරට පැරණිතම සිනමා හල් කීපයෙන් එකක්.

Screen XL සහ Screen L ලෙසට සිනමා තිර ද්විත්වයකින් අලුත්වැඩියා කර තිබෙන මෙහි සුපැහැදිලි දර්ශන සඳහා නවීන Laser Projection තාක්ෂණය යොදාගෙන තිබෙනවා.
DTS: X Surrounded Sounds සහ Dolby 7.1 තාක්ෂණය නිසා වඩාත් සුපැහැදිලි ශබ්ද රටා වලිනුත් අන්තර්ගතයි.
මහනුවර, කටුගස්තොට සිනමා රසිකයින්ට දෙස් – විදෙස් සිනමාපට රැසක් සමඟින් Arena Laserplex දැන් විවෘතයි!

Written by Kavinu Weerakkody
