යෂ් චොප්රාගේ නවතම චිත්‍රපටයේ ෂාරුක්ගේ නවතම පෙනුම
ශාරුක් ඛාන් රඟන යෂ් චොප්රා ගේ නවතම චිත්‍රපටයට තවමත් නමක් යොදා නැති වුවද මේ වන විට බොහෝ දෙනා බලාපොරොත්තු තබා ඇති චිත්‍රපටයක් බවට එම චිත්‍රපටය පත්ව ඇත. ෂාරුක් ඛාන්ට අමතරව කත්‍රිනා කායිෆ්, අනුෂ්කා ෂර්මා හා සම්මානලාභීන් යුගලක් වන ඒ ආර් රහමන් හා ගුල්සාර් ද මෙම චිත්‍රපටයට තම දායකත්වය සපයයි. ඒ ආර් රහමන් හා ගුල්සාර් ගේ දායකත්වය නිසා වඩා අර්ථවත් මෙන්ම ආකර්ෂණිය සංගීත සුසංයෝගයක් මෙම චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයාට විඳගත හැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.
ෂාරුක් කාන්, හමුදා නිළධාරියෙකුගේ චරිතයට පණ පොවන මෙම චිත්‍රපටය නොවැම්බර් මස 13 වන දින තිරගතවීම ආරම්භවීමට නියමිතයි.
Written by Cinema.lk
