ඉංග්ලිෂ් වින්ග්ලිෂ්

Avatar Cinema.lk A | August 21, 2012 63 Views 0 Likes 0 Ratings

63 Views 0 Ratings Rate it

ඇය ශෂී.ඇය ඉතාමත් රූමත් ඉන්දීය කාන්තාවක්.රූප සම්පත්තියෙන් ඇය අගතැන්පත් වුවද ඇය සතුව එක් අඩුපාඩුවක් පැවතුණා.ඇය ඉංග්‍රීසි භාෂාව හරි හැටි හැසිරවිමට නොදත්තාය.ඇගේ එම දුර්වලතාවය නිසා ඇය නිතරම අන් අයගේ සමච්චලයට බදුන් වුවා.ඇගේ දරුවන් ඇයව නුගත් තැනැත්තියක ලෙස කොන් කළාය.ස්වාමි පුරුෂයාද නිතරම පාහේ “මගේ බිරිඳ දන්නේ ලඩ්ඩු හදන්න විතරයි“ යන්න පවසමින් ඇයට සමච්චල් කළාය.එකිනෙකාගේ සමච්චලය මැද තම මව් රටින් ඈත්ව ජීවත් වුවද ඇය ඉංග්‍රීසි භාෂාව ඉගෙනිමට තීරණය කළාය.ඉතාමත් ඕනැකමකින් ඇය මේ සඳහා සුදානම් වුවාය.

අපුර්ව කතා තේමාවක් රැගත් ඉංග්ලිෂ් ව්න්ග්ලිෂ් හි කතා සරාංශය මෙයයි.මෙම සිනමා පටයේ ශෂීගේ භූමීකාවට පණ පොවන්නේ රූමත් ඉන්දීය නිළි ශ්‍රී දේවී ය.වසර 14කට පසුව මෙම සිනමා පටය තුළින් නැවතත් ඇය රංඟනයට පිවිසීම සුවිශේෂී කාරාණාවකි.ආර් බාල්කි විසින් මෙය නිෂ්පාදනය කරන අතර ඔහුගේ බිරිඳ ගෞරි ශින්ඩේ මෙය අධ්‍යක්ෂණය කරයි.මෙම වසරේ ඔක්තොබර් මාසයේදී මෙය ප්‍රදර්ශණය කීරිමට නියමිතයි.

Share

63 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.