සංජීව සහ සුමුදු මලලගම ලොකර්නෝ යති

Avatar Nisanka Weheraduwa | May 7, 2018 84 Views 0 Likes 0 Ratings

84 Views 0 Ratings Rate it

ස්විස්ටර්ලන්තයේ ලොකර්නෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල ලොව ප්‍රසිද්ධ සහ ප්‍රමුඛ පෙලේ සිනමා උළෙලක්. එහි විවිධ අංශ අතර Open doors category අංශය විශේෂයි. මේ යටතේ අලුත් සිනමා නිර්මාණ සඳහා විවිධ අයුරින් දායකත්වය ලබාදීම සිදුවනවා. මෙහි Open hub සහ Open Lab යන අංශ දෙකටම මෙවර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර සහ චිත්‍රපට නිෂ්පාදක සුමුදු මලලලගම යන දෙදෙනායි.

Open Lab අංශය යටතේ මෙවර ලොකර්නෝ උළෙල විසින් නිෂ්පාදකයින් 08 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ අතරට එක්වීමට සුමුදු මලලගමට හැකිව තිබෙනවා. ඇය මිට පෙර විදෙස් රටවල් කිහිපයක “චිත්‍රපට නිෂ්පාදනය” විෂය සම්බන්ධයෙන් හැදෑරීම් සිදු කළා. චිත්‍රපට නිර්මාණය, නිෂ්පාදනය, තිර රචනය ඇතුළු අංශ කිහිපයකම දක්ෂතා දැක්වූ ඇය, චිත්‍රපට නිෂ්පාදනය යන විෂයට වැඩි නැඹුරුවක් දක්වනවා.

 

ලොකර්නෝ සිනමා උළෙලේ Open Hub අංශය යටතේ මෙවර ශ්‍රී ලාංකික සිනමාකරුවකු වන සංජිව පුෂ්පකුමාර තෝරාගෙන තිබෙන බව ලොකර්නෝ උළෙලේ වෙබ් අඩවිය නිවේදනය කොට තිබෙනවා. එම අංශය යටතේ සිනමාකරුවකුගේ නවතම සිනමා නිර්මාණයකට සම නිෂ්පාදකයා (Co-producer) ලෙස ඔවුන් සම්බන්ධ වනවා. සංජීව ඉදිරිපත් කොට ඇති ඔහුගේ අලුත්ම තිර පිටපත ඔවුන් මෙලෙස තෝරාගෙන තිබෙනවා. “අම්මා” ලෙස නම්කොට ඇති එම චිත්‍රපටය හරහාත් ඔහු පශ්චාත් යුධ සමයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් කිහිපයක් පිලිබඳ සාකච්චාවට ගෙන ඒමට උත්සාහ දරන බව සඳහන්. තම දරුවන් අහිමි වුනු යාපනය ද්‍රවිඩ මවක් වන විශ්වවිද්‍යාල ආචාර්යවරියක් සහ කොළඹ ජිවත් වන නීතිවේදිනියක් පදනම් කරගනිමින් මෙම කතාව ගොඩනැගී තිබෙනවා. සංජීව මිට පෙර 2011 වසරේ “ඉගිලෙන මාළුවෝ” සහ 2016 වසරේ “දැවෙන විහඟුන්” නමින් චිත්‍රපට දෙකක් නිර්මාණය කළා. ඒ හරහා ඔහු විවිධ ජාත්‍යන්තර සම්මානයන්ට පාත්‍ර වී තිබෙනවා.

සංජීව සහ සුමුදු වෙත cinema.lk අපි, සුබ පැතුම් එක්කරනවා.

Share

84 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.