10වන දෙරණ LUX සිනමා සම්මාන උළෙල ළඟදීම! Cinema of Tomorrow මෙවරත්!

Avatar Kavinu Weerakkody | July 17, 2025 245 Views 0 Likes 0 Ratings

245 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකීය සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ අගයනු වස්, මෙරට සංවිධානය වන විශාලතම සිනමා උළෙල වන දෙරණ Lux සිනමා සම්මාන (Derana Lux Film Awards) රාත්‍රිය, මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්…

පසුගිය වසරේදී මෙරට තිරගත වුනු චිත්‍රපට 35කට අධික සංඛ්‍යාවක් මෙවර උළෙලට තෝරාගෙන තිබෙන අතර ඒවායින් වසරේ විශිෂ්ටතම නිර්මාණ උදෙසා කාණ්ඩ විස්සකට ආසන්න ප්‍රමාණයක් පුරා විහිදුනු සම්මාන රැසකුත් ප්‍රදානය කිරීමට නියමිතයි.

මෙරට රූපවාහිනී නාලිකාවකින් සිදු කරනු ලබන එකම සිනමා සම්මාන උළෙල වන්නේ ද දෙරණ LUX සිනමා සම්මාන රාත්‍රියයි.

නොකඩවා 10වන වතාවට පැවැත්වෙන මෙම සිනමා උළෙලට සමගාමීව, ඉදිරියේදී තිරගත වන ලාංකීය චිත්‍රපට රැසක් ඔබ හමුවට ගෙනෙන Cinema of Tomorrow චිත්‍රපට උළෙලත් සුපුරුදු පරිදි යළි පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

2024 වසරේ තිරගත කළ ලාංකීය චිත්‍රපට අතුරින් තෝරා ගන්නා හොඳම සිනමාපට වෙනුවෙන්,
විශිෂ්ටතම චිත්‍රපටය
විශිෂ්ටතම අධ්‍යක්ෂණය
විශිෂ්ටතම තිර පිටපත් රචනය
විශිෂ්ටතම රංගන ශිල්පියා
විශිෂ්ටතම රංගන ශිල්පිනිය
විශිෂ්ටතම සහාය රංගන ශිල්පියා
විශිෂ්ටතම සහාය රංගන ශිල්පිනිය
විශිෂ්ටතම කැමරාකරණය
විශිෂ්ටතම චිත්‍රපට සංස්කරණය
විශිෂ්ටතම පසුබිම් සංගීතය
විශිෂ්ටතම ඇඳුම් නිර්මාණය
විශිෂ්ටතම වේෂ නිරූපණය
විශිෂ්ටතම කලා අධ්‍යක්ෂණය
විශිෂ්ටතම ශබ්ද සැලසුම්කණය
විශිෂ්ටතම දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය
විශිෂ්ටතම වර්ණ සංයෝජනය යනාදී සම්මාන කාණ්ඩ විස්සකට ආසන්න සංඛ්‍යාවකට මෙහිදී සම්මාන පිරිනැමීමට නියමිතයි. මෙම ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන්නේ ලාංකීය සිනමාවේ දක්ෂ, ප්‍රවීණ සිනමාකරුවන් සහ රංගධරයින්ගෙන් සැදුම් ලත් ජූරි මණ්ඩලයක් විසිනුයි.

ඉන්දීය දමිළ සිනමාවෙන් මිදුනු අපගේම ලාංකීය දමිළ චිත්‍රපට කර්මාන්තයක උන්නතිය උදෙසා, මෙවර දෙරණ සිනමා උළෙලේදී වසරේ හොඳම දමිළ චිත්‍රපටය වෙනුවෙනුත් විශිෂ්ටතා සම්මානයක් වෙන් කර තිබෙනවා.

මීට අමතරව ජනප්‍රියම (Popular) කාණ්ඩය යටතේ,
වසරේ ජනප්‍රියම රංගන ශිල්පියා
වසරේ ජනප්‍රියම රංගන ශිල්පිනිය
වසරේ ජනප්‍රියම චිත්‍රපට ගීතය
වසරේ ජනප්‍රියම නර්තන නිර්මාණකරණය
ප්‍රතිවීර චරිතයක් වෙනුවෙන් වසරේ ජනප්‍රියම රංගන ශිල්පියා
වසරේ ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පියා යන සම්මාන පිරිනැමීම ද එහිදී සිදුවනවා.

මීට අමතරව පසුගිය වසරේ තිරගත වුනු ජනප්‍රියම චිත්‍රපට වෙනුවෙන් කෙරෙන Blockbuster Evening වැඩසටහනක් සහ ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් ඇගයීම උදෙසා සිදු කරන Legend Awards සම්මාන රැයකුත් මීට සමගාමීව පැවැත්වීමට නියමිතයි.

දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වන දෙරණ සිනමා උළෙලට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ගයාත්‍රි හීනටිගල, සුදේශ් උදය කුමාර, ධනංජය සෙනෙවිරත්න, සුධීර ආර් පීරිස්, ජනිත් ලක්රූ, අශාන් චාමික ඇතුලු දෙරණ නිෂ්පාදක කණ්ඩායමයි.

10වන දෙරණ LUX සිනමා සම්මාන උළෙලේ වැඩිදුර විස්තර නුදුරේදීම බලාපොරොත්තු වන්න.

Share

245 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.