අනිල් කපුර්ගේ පුතා සිනමාවට
අනිල් කපූර් කියන්නේ 80 දශකයේදී සිනමා ක්ෂේ්‍ත්‍රයට පිවිසිලා බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද ඉමහත් කීර්තියක් දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක්.අනිල් කපුර්ගෙන් පැවත එන ඒ උරුමය මේ වෙනකම් අරගෙන ඉදිරියට ආවේ ඇගේ දියණිය සෝනම් විසිනි.පියාගේ අඩිපාරේ යමින් බොලිවුඩයට පා තැබු මේ පුංචි නිළිය දැන් දැවැන්ත තාරකාවක්.ඔන්න දැන් සෝනම් වගේම සෝනම්ගේ මල්ලිත් සෝනම් කරපු විදියට බොලිවුඩයට එන්න සුදානමින් ඉන්නවා.අනිල් කපුර්ට ඉන්න එකම පුත්‍රයා හා පවුලේ බාලයා වු මේ නාඹර කොලුගැටයාගේ නම තමයි හර්ෂ්වර්ධන්.
හර්ෂ්වර්ධන් රඟපාන්න ඉන්නේ රාකේෂ් ඕම්ප්‍රකාෂ් මෙහෙරාගේ ‘මිර්සා සහීබා’ කියන ශෝකාන්තයක් රැගත් ප්‍රේම වෘතාන්තයකයි.රංගනය සහ තිර රචනය ගැන අමෙරිකාවෙන් අධ්‍යාපනය ලබා පැමිණි ඔහු මීට ප්‍රථම අනුරාග් කාශ්‍යප්ගේ බොම්බේ වෙල්වට් සිනමාපටයේ සහය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරලා තියෙනවා.කොහොම උනත් හර්ෂ්ගේ අක්කා සෝනම් නම් හර්ෂ්ගේ බොලිවුඩ් ආගමනය ගැන නම් ඉන්නේ ටිකක් විතර බයකින්ලු.මොකද තාමත් කුඩා ළමයෙකු සේ හැසිරෙන හර්ෂ් මේ භාරධූර කර්තව්‍ය කෙසේ ඉටු කරාවිදැයි කියන එක ගැන ඇයට සැකලු.අක්කා හර්ෂ් ගැන මෙහෙම හිතුවත් හර්ෂ්ගේ සමීපතයන් හා මිතුරන් නම් පවසන්නේ ඔහු බොලිවුඩ් සිනමාවට තවත් අනිල් කපුර් කෙනෙකු වනු ඇති බවයි.
Written by Cinema.lk A