Behindwoods Gold Medals – 2022 ජයග්‍රාහකයින් දැනුම් දෙයි
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය මුල් කරගනිමින් ව්‍යාප්ත වූ ඉන්දීය – දමිළ චිත්‍රපට කර්මාන්තය හැඳින්වෙන්නේ, වසර 100කටත් අධික ඉතිහාසයක් තිබෙන අතිශය පැරණි සිනමා කලාපයක් ලෙසටයි. සිනමාශාලා 1500කට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් මෙම තමිල්නාඩු ප්‍රාන්තීය සිනමා කර්මාන්තයෙන් සිනමාපට 200කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව නිෂ්පාදනය වනවා.
හින්දි සහ තෙළිඟු සිනමාවන්ට පසුව, ඉන්දියාවේ දැවැන්තම සහ ශක්තිමත්ම ප්‍රාන්තීය සිනමා කර්මාන්තය ලෙස හැඳින්වෙන්නේ ද දමිළ සිනමාවයි. 1970 – 1980 තෙක් එය තමිල්නාඩු ප්‍රාන්තයට පමණක් සීමා වූ කුඩා චිත්‍රපට කර්මාන්තයක් වී තිබුනද තවදුරටත් එය එසේ නොවෙයි.
අද වනවිට ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලට ද ව්‍යාප්ත වෙමින් ඉන්දියාව තුළ පමණක් මිලියන ගණනක ප්‍රේක්ෂක ජනතාවක් බිහි කර ගැනීමට දමිළ චිත්‍රපට ක්ෂේත්‍රයට හැකියාව ලැබී තිබෙනවා. එපමණක් නොවෙයි, ඉන්දියාවෙන් පිටත විදේශ රටවල් ගණනාවක දමිළ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සිනමාශාලා වෙන් වෙනවා. මෙරට තිරගත වන ඇතැම් ඉන්දීය දමිළ චිත්‍රපට, ලාංකීය සිංහල චිත්‍රපටවල ආදායම් වාර්තා පවා පසු කරමින් අතිශය සාර්ථකව තිරගත වීම අද වනවිට දැක ගත හැකි සුලබ කරුණක්.
එසේ ජනප්‍රියතාවයට පත් වී තිබෙන දමිළ සිනමාව උදෙසා ම, දමිළ චිත්‍රපට උදෙසාම විවිධ ශානරීය විවිධත්වයෙන් යුතු සිනමා සම්මාන උළෙල සහ සම්මාන රාත්‍රීන් ගණනාවක් ලෝ පුරා පැවැත්වෙනවා. ඉන්දියාව තුළත් ඉන්දියාවෙන් පිටතත් දැක ගත හැකි එවැනි සම්මාන රාත්‍රීන් අතුරින් Behindwoods Gold Medals උළෙලට ප්‍රමුඛ ස්ථානයක් හිමි වනවා. දමිළ සිනමා කර්මාන්තයට ඇලුම් කරන රසිකයින්ට නම් Behindwoods Gold Medals පිළිබඳව යළිත් අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැති බව සහතිකයි.
මන්ද යත්, Behindwoods Gold Medals වනාහි දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන්, ඉන්දියාව තුළදී සංවිධානය වන දැවැන්තම සම්මාන උළෙල කිහිපයෙන් ඉදිරියෙන්ම තිබෙන වැඩසටහනක්..! මෙනිසාම, වාර්ෂික Behindwoods Gold Medals සිනමා සම්මාන උළෙල නරඹන්නට සහ එහි ජයග්‍රාහකයින් ගැන දැනගන්නට බලාපොරොත්තුවෙන් සිටින රසිකයින් පිරිසත් සුලුපටු නැහැ.
පසුගිය මැයි මාසයේදී පැවැත්වුනු මේ වර්ෂයට අදාළ Behindwoods Gold Medals – 2022 උළෙලේදී සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ ජයග්‍රහණ 20කට අධික ප්‍රමාණයක් සඳහා සම්මාන ලබා දුන් අතර රංගන ශිල්පිනී Priyanka Mohan, Divya Bharathi, චිත්‍රපට අධ්‍යක්ෂක Lokesh Kanagaraj, Vignesh Shivan, සංගීත අධ්‍යක්ෂක Anirudh Ravishankar වැනි ජනප්‍රිය පුද්ගලයින් ගණනාවක්ම ඊට සම්බන්ධ වුනු අයුරු දක්නට ලැබුනා.
පහතින් දැක්වෙන්නේ මෙවර Behindwoods Gold Medals සිනමා සම්මාන උළෙලේදී ජයග්‍රහණ ලබා ගත් සිනමාකරුවන්ගේ සම්පූර්ණ ලැයිස්තුවයි.
Best Director of the Decade
Vetrimaaran
Music Director of the Decade
Anirudh Ravichander
Talent of the Decade
Lokesh Kanagaraj
Best Director
Vignesh Shivan
Best Actor in Lead Role (Female)
Lijomol (Sengani – Jaibhim)
Best Debut Actress
Divya Bharathi (Bachelor)
Best Music Director
Yuvan Sankar Raja
Best Debut Actor Female
Priyanka Mohan (Doctor)
Best Actor Critic’s Choice
Manikandan (Jaibhim)
Best Comedian of the Decade
Yogi Babu
Most Popular Singer of the Year
Andrea (Oo Solriya Mama)
Most Impactful Performer of the Year
Selvaraghavan (Saani Kaayidham)
Most Popular Singer of the Year (Telugu)
Indravathi (Oo Antava)
Best Entertainment Female
Pooja Hedge (Beast)
Best Screenplay and Story
Venkat Prabhu (Maanadu)
Golden Voice of Future (Female)
Jonita Gandhi (Arabic Kuthu)
Golden Global Icon of Inspiration
VVS Lakshmanan
Best Director (Malayalam)
Vineeth Srinivasan (Hridayam)
Best Music Director (Kannada)
Ravi Basrur
Best Female Actor Critic’s Choice
Kalyani Priyadarshan (Hridayam)
Best Actor In Negative Role
S.J. Surya (Maanadu)
Golden Icon of Inspiration
Arputhammal
Best Actress in the Lead Role (Telugu)
Sai Pallavi
Best Actor Jury Choice
Nallandi Ayya (Kadaisi Vivasayi)
මෙවර උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට හැකි වූයේ සූරියා ප්‍රධාන චරිතය රඟපෑ Jai Bhim සිනමා නිර්මාණයටයි. හොඳම නිළිය, හොඳම සහාය නලුවා ඇතුළු සම්මාන ගණනාවක්ම ඊට හිමි වුනා.
උත්සවයේ සුවිශේෂී අවධානයක් දිනා ගත් Best Director of the Decade සම්මානය පිරිනැමුනේ අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් හටයි. ඔහු ඉන්දීය ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ අතිශය දක්ෂ සිනමා නිර්මාණකරුවෙක්…
බොහෝ දෙනෙක් අපේක්ෂා කළ පරිදිම හොඳම දුෂ්ඨ චරිතය වෙනුවෙන් Maanadu චිත්‍රපටයේ රඟපෑ S. J. Suriyah සම්මාන ලැබුවා. Vignesh Shivan හොඳම අධ්‍යක්ෂකවරයා බවටත්, Yuvan Shankar Raja හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා බවටත් පත්වුනා. උළෙලේ විශිෂ්ටතම නිළියට හිමි සම්මානය ලැබුනේ Jai Bhim චිත්‍රපටයෙන් කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළ Lijomolටයි.
තෙළිඟු, දමිළ, මලයාලම්, කන්නඩ ආදී විවිධ ප්‍රාන්තීය සිනමා කර්මාන්ත නියෝජනය කරමින් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් – සංගීතඥයින් – අධ්‍යක්ෂකවරුන් රැසක් Behindwoods Gold Medals සඳහා සහභාගී වූ අතර එයින් සම්මානලාභී කිහිප දෙනෙකුගේ ඡායාරූප පහතින් දක්වා තිබෙනවා.
Written by Kavinu Weerakkody