Common Man – කොමන් මෑන් [Trailer] – ලංකාවේ රූගත කළ හොලිවුඩ් චිත්‍රපටය
බෙන් කින්සලි යනු ලෝකයේ හොඳම නළුවන් අතර සිටින ප‍්‍රමුඛයෙකි. ගාන්ධි සිනමා පඨයේ ගාන්ධිගේ චරිතයට පනපොවමින් ඔහු ලෝකයේ සිනමා පේ‍්‍රක්‍ෂකයන්ගේ ආදරයට සහ ගෞරවයට පාත‍්‍රවිය.
බෙන් කින්සිල් සමග සිනමා පටයත් කිරීම මෙරට සිනමා අධ්‍යක්‍ෂකවරුන්ට හීනයක් වන්නට පුළුවන. ඒ සිහිනය සැබෑ කරගන්නට මෙරට සිනමා කරුවකුට හැකියාව ලැබිණ. ඒ අන්තර්ජාතික සිනමාව තුළ නමක් දිනා සිටින චන්ද්‍රම් රක්නම්ය.ඔහු මේ වනවිට බෙන් කින්ස්ලි සහ මෙරට මෙන්ම හොලිවුඩයේ නළු නිළියන් යොදා කොමන් මෑන් නම්වූ ඉංග‍්‍රීසි සිනමා පඨය නිර්මාණය කර අවසන් කොට මේවනවිට ප‍්‍රදර්ශණය සඳහා සූදානම් කොට ඇත.
චන්ද්‍රම් රත්නම් මෙම දිනමා පඨයේ රූගක කිරීම් සඳහා ශ‍්‍රී ලංකා වේම දර්ශන තළයොදා ගැනීම ද විශේෂත්වයකි. මෙහි තිර රචනය චන්ද‍්‍රම් රත්නම් සහ නීරාජ් පාන්ඬේගෙනි. නිෂ්පාදනය බී.එස් රාධා කි‍්‍රෂ්ණා /
පෝල් මේසන්/මනෝහාන් නානායක්කාර / ජොනතන් ෂෙයින්බර්ග් සහ චන්ද්‍රම් රත්නම්. කැමරා අධ්‍යක්‍ෂණය චන්දන ජයසිංහ. සංගීතය ඇන්ට් කෝච් . මෙහි රංගනයෙන් දායක වන්නේ බෙන් කින්ස්ලි ,බෙන් ක්‍රොස්ල ෆෙඞ්රික් ජේම්ස් සමග නුමායා සිරිවර්ධන, දුෂ්මන් වීරමන් ,අශාන් ඩයස් ,වින්සන් ගුණරත්න සහ සැන්ඩෝ හැරිස් ඇතුළු මෙරට රංගන ශිල්පීන්ය.
නිෂ්පාදක කණ්ඩායම:
නිෂ්පාදනය – පෝල් මේසන්
නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණය – සුනිල් විජේසිරි
සහය අධ්‍යක්ෂණය – ඩී.බී. වර්ණසිරි
රේඛීය නිෂ්පාදනය – ක්‍රිෂාන්ත ගුණසේකර
කැමරාව – චන්දන ජයසිංහ
නිෂ්පාදන කළමනාකරු – චන්දිමාල් කොඩිතුවක්කු
අංග රචනය – නාරද ධනංජි තොටගමුව
සංස්කරණය, තිර පිටපත සහ අධ්‍යක්ෂණය – චන්ද්‍රන් රත්නම්
Written by Cinema.lk
