තව මාස දෙක තුනකින් මම ආයෙමත් රඟපානවා

Avatar Cinema.lk A | March 12, 2013 239 Views 0 Likes 0 Ratings

239 Views 0 Ratings Rate it

උදාරි වර්ණකුලසුරිය කියන්නේ මීට ටික කලකට ඉහත පුංචි තීරය සිය අණසකට නතු කරගත් සුරූපිණියක්.ඇය රංගන දිවියෙන් ඈත් වුනේ මව් පදවිය ලැබීමට තිබුණු නිසායි.දැන් උදාරී පුංචි දු සිඟිත්තකගේ මවක්.මව් පදවියට සුදානම් වන අවදියේ පටන්ම ඇය සිටියේ විදේශ ගතවයි.මෙහෙම විදේශ ගත වෙලා හිටිය උදාරී මීට ටික කලකට ඉහත දී ආයිමත් මව් රටට පැමිණියා.ඇය මෙසේ පැමිණියේ තමන් ගේ පුංචි සුරතළි ද එක්කරගෙනයි.මේ දඟකාර පුංචි සුරංගනාවිගේ වැඩ හින්දා උදාරි වෙනදටත් වඩා හුඟාක් කාර්යබහුල වෙලාලු.ඇය මුළු දවසම ගත කරන්නේ තම දූ පැටියා එක්කම ලු.මේ විදියට පුංචි දුවත් එක්ක ගෙවන ජිවිතය නිසා ඇය ඉන්නේ වෙනදාටත් වඩා හුඟාක් සතුටකින්.

ඇය මෙහෙම සතුටින් හිටියට ඇයට ආදරේ කරන හුඟාක් දෙනෙක් නම් ඉන්නේ තරමක් පසුතැවිල්ලකින්.කාලයක් තිස්සේ ඉදලා ඇය රංගනයෙන් ඈත් වෙලා ඉන්න නිසායි හුඟාක් දෙනා දුකෙන් ඉන්නේ.නමුත් ඇය කියන විදියට නම් ඇය ළඟදීම නැවතත් රඟපාන්න එනවාලු.තව මාස දෙක තුනකින් ඇය නැවතත් රඟපෑම සඳහා පැමිණෙනවාලු.තමන්ගේ ආදරය කරන රසික පිරිස් තමන්ට ආදර කරන තාක් කල් ඇය කිසිම දවසක ක්ෂේත්‍රයෙන් සමු නොගන්නා බව පැවසු ඇය වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ මෙවැන්නක්.

“රඟපාන්න යම් කිසි නිර්මාණයක් තෝරා ගනිද්දි ඒ චරිතය, ගැමි ද, නාගරික ද, අහිංසක ද නපුරු ද කියල බලන්නෙ නෑ. ඒ චරිතයෙන් මට යමක් කරන්න පුළුවන් කියල මට හිතුණොත් ඒ චරිතය රඟපෑමෙන් බිරියක් මවක් හැටියට මගේ ජීවිතයට ගැටලුවක් වෙන්නේ නැතිනම් එය මම බාර ගන්නවා.“udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new udari warnakulasooriya new

Share

239 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.