Derana Lux Film Awards – Winners
දෙරණ ලක්ස් සිනමා සැණකෙළිය ඊයේ රාත්‍රී කොළඹ මියුසියස් විද්‍යාල ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ශ්‍රී ලාංකීය රූපවාහිනි ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ එම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ දෙවැනි වතාවටයි. ඒ අනුව මෙය වසරේ දැවැන්තම ජනප්‍රිය සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකීමේ වරදක් නැත. එහිදී ජනප්‍රියම නිළිය සම්මානය කුස පබා චිත්‍රපටය වෙනුවෙන් රඟ පෑ පූජා උමා ශංකර්ටත් ජනප්‍රියම නළුවා සම්මානය එම චිත්‍රපටය වෙනුවෙන් රඟ පෑ රොෂාන් රණවනටත් හිමි විය. මේ එහි දසුන් පෙළකි.
ඊයේ රාත්‍රී පැවැති එම සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට සහ ඊට දායක වූවන් පහත පරිදිය. (ඡායා රූ – මංජුල චරන්ත)

ජනප්‍රියතම සිනමා පටය – කුස පබා ( අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න)

ජනප්‍රියම නළුවා රොෂාන් රණවන – ජනප්‍රියම නිළිය පූජා උමාශංකර්

හොඳම නළුවා දර්ශන් ධර්මරාජ් -හොඳම නිලිය නිරංජලී ශංමුගරාජා ( ඉනි අවන් වෙනුවෙන් )

හොඳම චිත්‍රපටය – ඉනි අවන්
හොඳම අධ්‍යක්ෂණය – අශෝක හඳගම ( ඉනි අවන් වෙනුවෙන් )
හොඳම තිර රචනය – අශෝක හඳගම ( ඉනි අවන් වෙනුවෙන් )

හොඳම අධ්‍යක්ෂණය – අශෝක හඳගම ( ඉනි අවන් වෙනුවෙන් )

ජනප්‍රියතම හා හොඳම නළු නිළියන්

ජනප්‍රියතම නිළිය සහ හොඳම නිළිය
ජනප්‍රියතම සිනමා පටය – කුස පබා ( අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න)
හොඳම චිත්‍රපටය – ඉනි අවන්
හොඳම අධ්‍යක්ෂණය – අශෝක හඳගම ( ඉනි අවන් වෙනුවෙන් )
හොඳම තිර රචනය – අශෝක හඳගම ( ඉනි අවන් වෙනුවෙන් )
හොඳම නළුවා – දර්ශන් ධර්මරාජ් ( ඉනි අවන් වෙනුවෙන් )
හොඳම නිලිය – නිරංජලී ශංමුගරාජා ( ඉනි අවන් වෙනුවෙන් )
හොඳම සහය නළුවා – රාජා ගනේෂන් ( ඉනි අවන් වෙනුවෙන් )
හොඳම සහය නිළිය – වීණා ජයෙකාඩි ( කුස පබා )
ජූරියේ විශේෂ සම්මාන ( හෙට දවසේ සිනමාව ) – චන්න දේශප්‍රිය ( කැමරාකරණය )
ජූරීයේ විශේෂ සම්මානය – විමුක්ති ජයසුන්දර ( Between Two Worlds )
හොඳම චිත්‍රපටය ( හෙට දිනයේ සිනමාව )- සමනළ සංධ්වනිය ( ජයන්ත චන්ද්‍රසිරි )
හොඳම අධ්‍යක්ෂණය ( හෙට දිනයේ සිනමාව ) – උදය ධර්මවර්ධන ( මයිල්ස් ඔෆ් අ ඩීම් වෙනුවෙන් )
හොඳම කෙටි චිත්‍රපටය ( හෙට දිනයේ සිනමාව ) – ඉලම් හුසෙයින් ( චාවොස් කෙටි චිත්‍රපටය )
ජූරියේ විශේෂ සම්මාන – මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂණය – ඉසුරු වීරසිංහමුදලි (කලර් වෙනුවෙන් )
හොඳම නළුවා ( ප්‍රතිවීර අංශය ) – බුද්ධික ජයරත්න ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
හොඳම සටන් අධ්‍යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
හොඳම ළමා නළු – කේ එම් පවිත්‍ර ( මාතා වෙනුවෙන් )
හොඳම පසුබිම් සංගීතය – රෝහන වීරසිංහ ( කුස පබා වෙනුවෙන් )
හොඳම සංගීත සංරචනය – රෝහොන වීරසිංහ ( කුස පබා වෙනුවෙන් )
හොඳම ගීත ගායනය (පිරිමි) – කසුන් කල්හාර ( මධුචන්ද්‍රයාමේ – කුස පබා වෙනුවෙන් )
හොඳම ගීත ගායනය – නිරෝෂා විරාජිනී ( ප්‍රේමයේ මන්දිරය – කුස පබා වෙනුවෙන් )
හොඳම සිනමා සංගීත රූප රචනය – මධුර වසන්තේ ( කුස පබා වෙනුවෙන් )
හොඳම පද රචනය – සුනිල් විමලවීර ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
පරම ජීවන සම්මානය – ආචාර්ය ලෙසටර් ජේම්ස් පීරිස් තම ජීවිත කාලය තුලදී එක් වරක් පමණක් හිමිවන පරම ජීවන සම්මානයෙන් පිදුම් ලැබූයේ හෙල සිනමාවේ ජීවමාන පුරාවෘත්තය බඳු ආචාර්ය ලෙසටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණෝය.
හොඳම කැමරාකරණය – මිල්ටන් කෑම්, ඩොනල්ඩ් කරුණරත්න සහ කේත ඒ ධර්මසේන ( මාතා වෙනුවෙන් )
හොඳම සංස්කරණය – ස්ටීවන් ප්ලිප්සන් ( මාතා වෙනුවෙන් )
හොඳම දෘශ්‍ය ප්‍රයෝග – බූඩ් කීර්තිසේන ( මාතා වෙනුවෙන් )
හොඳම ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න සහ සජිත රුවන් ( කර්ම වෙනුවෙන් )
හොඳම රංග වින්‍යාසය – චන්දන වික්‍රමසිංහ ( කුස පබා වෙනුවෙන් )
හොඳම කලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාස ( කුස පබා වෙනුවෙන් )
හොඳම වේෂ නිරූපණය – වසන්ත විට්ටච්චි සහ උපුල් මහානාම (මාතා වෙනුවෙන්)
හොඳම ඇදුම් නිර්මාණය – වෙනුක වික්‍රමාරච්චි (කුස පබා වෙනුවෙන්)
මේ අතර මෙම උත්සවය ඔක්තෝබර් මස 05 වැනිදා රාත්‍රී 8.30 සිට ටී.වී. දෙරණින් නැරඹිය හැකිය.
Written by Cinema.lk
