කිමිදෙන්නට කුරුල්ලන් ඕනෑකර තිබේ
බුද්ධික වික්‍රමාදර කියන්නේ කලක් මාධ්‍ය ලෝකයේ හිටපු දැවැන්තයෙක්.දැන් ඔහු මේ දේවල් වලින් අයින්වෙලා තනිවම ඉතා දැවැන්ත ලෙස නිර්මාණකරනයේ යෙදෙමින් ඉන්නවා.බුද්ධික ගැන පුවත්පත් වල,රූපවාහිනි වෙල මේ දිනවල ටිකක් විතර කතා වෙනවා.කාරණේ මේකයි…ඔහු මේ දිනවල කිමිදෙන්න පුළුවන් කුරුල්ලෝ සොයනවා.
දකුණෙන් බිහිවුනු මේ නිර්මාණශීලි තරුණයා ඇත්තටම හොයන්නේ කුරුල්ලෝ නම් නෙවෙයි.ඔහු මේ හොයන්නේ නිර්මාණශීලි තරුණ පිරිසක්.ඇත්තටම බුද්ධික මොකද්ද මේ කරන්න යන වැඩේ…
ආරංචියේ හැටියට ඔහු මේ දිනවල තරුණ නිර්මාණශීලි තරුණ පරපුරක් බිහිකරන්න සුදානමින් ඉන්නවා.තවත් සරළව කියනවානම්,ඔහු ඩයිවින්ග් බර්ඩ් නමින් ආයතනයක් බිහිකරලා ටෙලි නාට්‍ය,චිත්‍රපට පිළිබඳ පුහුණු පාඨමාලාවක් ආරම්භ කරලා.වැඩේ කියන්නේ වතුරත් සල්ලි දීලා බොන මේ වගේ කාලෙක මේ මහා ව්‍යාපෘතිය බුද්ධික සිදුකරන්නේ නොමිලේ.ඇත්තම කියනවා නම් මීට සම්බන්ධවෙන අයට ගෙවීමක්ද සිදුකරනු ලබනවාලු.ඔහු කියන විදියට මේ කාර්යය හරහා විශාල වශයෙන් අලුත් මාර්ග විවෘත වෙනවාලු.විශේෂයෙන් ඔහුගේ සිහිනය ජාත්‍යන්තර මට්ටමේ සිනමාව හා අපේ තරුණයින් සම්බන්ධ කිරීමලු.ඉදිරියේදී ඔවුන් කරන්න යන ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදනයන් හා උරෙන් උර වැඩ කිරීමේ භාග්‍ය මෙමඟින් මේ නවක පරපුරට හිමි වෙනවාලු.ඉතින් ඔහු ආරධනා කරනවා ඔහුගේ මේ අලුත් වැඩේට එකතු වෙන්න කියලා.
වැඩි විස්තර පහත ඇති ලින්ක් එක ක්ලික් කිරිමෙන් ලබා ගන්න පුලුවන්
DIVINGBIRDS .LK
Written by Cinema.lk A
