ලිංගික අඩන්තේට්ටම් කළ අධ්‍යක්ෂකට නිළියගෙන් කනේ පාරක්. [විඩියෝ]
සාර්ථකව තිරගත වූ හාස්‍යජනක චිත්‍රපටයක් වන ජොලි එල්.එල්.බී (Jolly LLB) හින්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුභාෂ් කපූර් ( Subhash Kapoor ) හට ජනප්‍රිය බොලිවුඩ් නිළි ගීතිකා ත්‍යාගී (Geetika Tyagi) ප්‍රසිද්ධියේ කම්මුල් පහරක් එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් youtube වෙබ් අඩවිය වෙත එක්ව තිබෙනවා. රහසිගතව රූපගත කරන ලද මෙම වීඩියෝ පටය අන්තර්ජාලය වෙත මුදහැර ඇත්තේ ද ගීතිකා ය. ඇය මේ පිළිබඳව ඇගේ twitter ගිණුමේ ද සඳහන් කොට තිබෙනවා. ඇය මෙසේ කම්මුල් පහර ගසා ඇත්තේ සුභාෂ් කපූර් විසින් ඇයව ලිංගික අතවරයකට ලක්කිරීමට උත්සහ දැරීම නිසා යි.
මෙහි විශේෂත්වය වන්නේ කපූර්ගේ බිරිය ඩිම්පල් කාර්බන්දා ( Dimple Kharbanda) සුභාෂ් වෙනුවෙන් පෙනීනොසිටීමත් ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව ඇයත් ගීතිකාගෙන් සමාව ඉල්ලා සිටියා ය. මීට වසරකට පෙර සිදුවූ මේ සිදුවීමේ වීඩියෝ පටය නිකුත් කිරිමට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ මෙම සිදුවීම Zee News ආයතනය විසින් ගීතිකා වැරදිකරුවකු වන අයුරින් හුවා දැක්වීම බව කියැවේ. නමුත් ගීතිකා ඇගේ ජනප්‍රියත්වය උදෙසා මේ වීඩියෝ පටය මුදාහැර ඇති බවද පැවසේ.
සම්පූර්ණ වීඩියෝව
Written by Cinema.lk