Gravity, Harry Potter ඇතුළු ප්‍රමුඛ චිත්‍රපට රැසකට ලාංකිකයෙකුගේ සහාය

Avatar Cinema.lk | August 2, 2013 235 Views 0 Likes 0 Ratings

235 Views 0 Ratings Rate it

දෘශ්‍ය ප්‍රයෝග හා ත්‍රිමාණ සජීවීකරණ අතින්  හොලිවුඩය හා සසඳන විට ලාංකික අප තවමත්  ප්‍රාථමික අවදියේ සිටින බව බොහෝ දෙනාගේ මතයයි. එසේ වුවත් නුදුරේ දී තිරගත වීමට නියමිත Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ එක්තරා දර්ශණයක පසුබිමින් ලංකාව දර්ශණය වීම එම මතය අභියෝගයට ලක්කරන පුවතකට මඟ පෑදීමක් වුනා. ඇත්තෙන්ම මේ දර්ශණය නිර්මාණය කොට ඇත්තේ ලාංකිකයෙක්. නමින් තරංග රාජකරුණා වන ඔහු Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටුයුතු කර ඇත. මීට අමතරව ඔහු Harry Potter and the Deathly Hallows: Part 1, Star Wars: Episode I – The Phantom Menace, Ra.One, Dredd සහ World War Z වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රාශියකම ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු හා දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත.

දැනට Industrial Light & Magic ආයතනයේ සේවයේ නියුතු තරංග, මීට ප්‍රථම Pixar Animation Studios සහ Dream works වැනි සුප්‍රසිද්ධ ආයතන වලද සේවය කර ඇත.

Tharanga Rajakaruna

ඔහුගේ ෆේස්බුක් ගිණුම: Tharanga T Rajakaruna

ඔහු පිළිබඳ ඇති IMDB පිටුව: Chandraji Tharanga Rajakaruna

පහතිනු දැක්වෙන්නේ ග්‍රැවිටි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ පසුබිමින් ලංකාව දැක්වෙන ඇයුරුයි.

Share

235 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.