According To Matthew – ජැකලින්ගේ මීලඟ ලාංකේය චිත්‍රපටය – අකෝඩින් ටු මැතිව්
මැඩ්රිඩ් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි කරගත් The Common Man (ද කොමන් මෑන්) චිත්‍රපටය නිසා පසුගිය දිනවල වැඩිකතාබහට ලක්වූ චන්ද්‍රන්රත්නම් නම් ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයාගේ නවතම චිත්‍රපටයයි According To Matthew (අකෝඩින් ටු මැතිව්). හැත්තෑව දශකයේ අගභාගයේදී ඉන්සියුලින් එන්නත් කර තමන්ගේ බිරියත් අනියම් බිරියගේ සැමියාත් මරණයට පත් කළ මැතිව් පියතුමාගේ කතාව පදනම් කරගනිමින් දිවෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැනඩස් සහ ලාංකේය සම්භවයක් සහිත ගායකයෙකු වන ඇසටන් කොච් (Alston_Koch) රංඟනයෙන් දායක වනු ඇත. ලබන වසරේ දී තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය මිනීමැරුම් චෝදනා මත එල්ලා මැරීමට නියම වූ, නමුත් පසුව පොදු සමාව යටතේ 1997 දී නිදහස් වුනු මැතිව් නම් පූජකවරයා සම්බන්ධ නඩු වාර්තා ඇසුරිනුයි මේ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ.
මෙම මිනීමැරුම් සිදුවීම මෑත ඉතිහාසයේ සිදුවූ ආන්දෝලනාත්මක මෙන්ම දරණු මිනීමැරීමක් ලෙස සැලකේ. නමුත් නඩු වාර්තා වලට පරිබාහිරව මැතිව් පියතුමා සමඟ යෙදුනු සංවාදයෙන් ලබාගත් අත්දැකීම් ද මේ චිත්‍රපටයට ඇතුලත් බවත් එම කරුණු වලින් වෙනස්ම ආකාරයේ පැතිකඩකට මෙම චිත්‍රපටය යොමුවී ඇති බවත් චිත්‍රපටය පිළබඳ අදහස් දක්වමින් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර ඇත.

Photo Credit: Colombo Gazette
Written by Cinema.lk
