ලක්ෂ 10ක මුදලක් නිසා දුලීකාට නඩු

Avatar Cinema.lk A | July 19, 2013 52 Views 0 Likes 0 Ratings

52 Views 0 Ratings Rate it

අමෙරිකාවේ දී ටෙලිනාට්‍යය පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන අදාළ පුහුණුවට පිටත්ව නොයාම හේතුවෙන් චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි දුලීකා මාරපන මහත්මියට එරෙහිව කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.

කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට විදේශ රටවල ශිෂ්‍යත්ව ලබාදීම සඳහා වන ආයතනයේ ලේකම්වරයා විසින් අදාළ නඩුව ඉදිරිපත් කර තිබේ.

2005 වසරේ දී දුලීකා මාරපන මහත්මිය අදාළ මුදල ලබාගෙන ඇති අතර ඇය පුහුණුව සඳහා පිටත්ව නොයාම හේතුවෙන් එම මුදල යළි ගෙවන ලෙස නියෝග කරන ලෙස පැමිණිලිකරු ඉල්ලා සිටියි.

Share

52 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.